කුඩු ජාවාරම හා ඉතාලි රැකියා ලබා දෙන බව කියමින් සිදුකරන ලද මුදල් වංචා පිළිබඳ වරදට වසර 88ක සිරදඬුවමක් විඳිමින් සිටි තිස් පස් හැවිරිදි කාන්තාවක් ජනාධිපති සමාවෙන් නිදහස් වී පැමිණ ඇයගේ හතලිස් වියැති අනියම් සැමියා සමග ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකුණමින් සිටිය දී ඊයේ (12) අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසියේ කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය තහවුරු කළේය.
මෙම කාන්තාව හෙරොයින් ග්‍රෑම් 12ක් සමග අනුරාධපුර නගරයට ආසන්න රත්නායක පුරයේ දී පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණි.
කාන්තාව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බවත්, ඇයගේ අනියම් සැමියා පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය කියයි.
ඇයත් ඇයගේ ස්වමි පුරුෂයාටත් මහජන මුදල් වංචා කිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම යටතේ නඩු පවරා 88ක වසරක සිර දඬුවම් නියමව සිටිය දී දඬුවම් කාලයේ අවුරුදු 13ක් ගෙවා දැමූ කාන්තාවට පමණක් ජනාධිපති පොදු සමාව යටතේ මීට මාස හතර හමාරකට පෙර නිදහස ලැබී තිබේ. ඇය බන්ධනාගාරගතව තිබුණේ 22 හැවිරිදි වියේදී ය.
බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි මෙම කාන්තාව තමන්ගේ අනියම් සැමියා සමග එක්ව මෙම මත්කුඩු ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.