හිටපු ජනපති ගෝඨාබය රාජපක්ෂ අද තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණියේය. රොයිටර් පුවත් සේවය කියන්නේ ඔහු අද පස්වරුවේ එහි පැමිණි බවය.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ගෝඨාබය රාජපක්ෂට සිය රටට පැමිණීමට අවසර දුන්නේ මානුෂික හේතුන්මත බව කීවේය. වෙනත් රටක ස්ථිර රැකවරණයක් ලබා ගන්නා තුරු ඔහුට සිය රටේ තාවකාලිකව රැඳි සිටිය හැකි බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕ චා පවසා තිබිණි.
මේ කාලය තුළ ඔහුට කිසිම දේශපාලන කටයුත්තක් සඳහා අවසර නොදෙන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
තායිලන්ත විදේශ ඇමති දොන් ප්‍රමුත්විනායි ප්‍රකාශ කළේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි බැවින් ගෝඨාබය රාජපක්ෂට දින 90ක කාලයක් සිය රටේ රැඳී සිටිය හැකි බවය.
ඔහු වැඩිදුරටත් කියා තිබුණේ තායිලන්තය හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කිසිම අනුග්‍රහයක් නොකරන බවය. තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ තායිලන්තයට කිසිදු ගැටලුවක් ඇති නොකරන බවට ගෝඨාබය රාජපක්ෂ වෙත කොන්දේසියක් පනවා තිබෙන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
සිංගප්පූරුවේ ගතකළ දින 28ක කාලය අදින් අවසන් වූයේය. තවත් දින 14ක් සිංගප්පූරුවේ රැඳී සිටීමට ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කළත් ඒ සඳහා වූ ප්‍රතිචාරය කුමක් දැයි හෙළි වී තිබුණේ නැත.