පසුගිය මාස දෙක තුළ ඩුබායි රාජ්‍යයේ සිට කුලී වෙඩික්කරුවන් මෙහෙයවමින් රටේ ඝාතන රැල්ලක් ඇති කළ පාතාලයේ මත්කුඩු ජාවාරම්කාර අපරාධ නායකයෙක් වූ නඳුන් චින්තක නොහොත් හරක් කටා ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ජාත්‍යාන්තර පොලිසිය සමග එක්වී සිදුකළ ඒකාබද්ධ රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
හරක්කටා අත්අඩංගුවට පත්වන්නේ ඔහුගේ බිරියත් සමග ඩුබායිහි සිට ප්‍රංශය බලා යෑමට ගුවන්තොටුපල වෙත පැමිණි අවස්ථාවේ දී ය.
මේ වනවිට අත්අඩංගුවේ පසුවන හරක්කටා ලංකාව වෙත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලුම නෛතික කටයුතු කඩිනමින් සූදානම් වෙමින් පවතින බව විමර්ශන අංශ කියයි.