මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව දිඹුලාගල හා වෙහෙරගල ගොවි සංවිධාන 24 ක ගොවින් ප්‍රමිතියෙන් යුතු පොහොර ඉල්ලා මේ වනවිට දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල ප්‍රධාන මාර්ගය වසා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.
ආගම්ක වතාවක් වලට මුල් තැන දෙමින් සිදුකල මෙම උද්‍ඝෝෂණයේ නිරත ගොවීන් කියා සිටියේ ප්‍රමිතිගත පොහොර නොදුන්නොත් මහවැලි බී,හා සී කලාප වල ගොවින් එක්ව කොළඹට පැමිණ විසඳුම් දෙන තුරු අරගල කරන බවය.
මෙම උද්ඝෝෂණය සඳහා ගොවීහු දෙදහසකට වැඩි පිරිසක් එක් වී සිටියහ.