නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 220ක් පමණ වටිනා රත්‍රන් කිලෝ 16ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
වාහන අමතර කොටස් හා කෝපි සැකසුම් යන්ත්‍ර වල කොටස් ලෙස රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම රත්‍රන් තොගය ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
ව්‍යාජ ව්‍යාපාර නාම භාවිතා කරමින් ගුවන් බඩු අංශයේ කුරියර් ආයතන හරහා එක්සත් අරාබි එමීර් රජ්‍යයේ ඩුබායි නගරයේ සිට මේවා ගෙනැවිත් තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්
මෙරටට ආනයනය කරන ලද පාර්සල් කීපයක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා භාණ්ඩවල අභ්‍යන්තරයේ අඩංගු තාක්ෂණික කොටස් රත්තරන් වලින් නිර්මාණය කොට ඒහි සවි කොට රේගුව නොමග යැවීමට උත්සහ කොට තිබී ඇත.
රේගු නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී භාවය නිසා එම උත්සාහය වැලක් වීමට හැකි වූ බවත් සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාව තුළට ආනයනය කරනු ලබන සැක කටයුතු භාණ්ඩ සම්බන්ධයෙන් රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් නිරතුරුව අවධානයෙන් සිටි.
මෙවැනි සූක්ෂම අයුරින් ගෙනා මත් ද්‍රව්‍ය හා අනෙකුත් තහනම් භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෑත කාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරයි.