කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නව පීසීආර් රසායනාගාරයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අංශ තීරණ කළේය.
ශ්‍රී ලංකා ගුවන්තොටුපල හා ගුවන් සේවා ආයතනයේ උප සභාපති රජීව් සූරියආරච්චි මාධ්‍යයට පැවසුවේ කාර්මික ගැටලුවක් හේතුවෙන් රසායනාගාර කටයුතු තාවකාලිකව අත්හිටුවූ බවය.
බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ මෙම පර්යේෂණාගාරය සෞඛ්‍ය ඇමතිවරයා විසින් සැප්තැම්බර් 23 විවෘත කරනු ලැබුවේය. සංචාරකයෙකු සඳහා ඇමරිකානු ඩොලර් 40 ක ගාස්තුවක් අය කර පැය තුනක් තුළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලබා දීමත්, පැයකට පීසීආර් පරීක්ෂණ 500 ක් සහ දිනකට පීසීආර් පරීක්ෂණ 7000 ක් සිදු සිදු කිරීත් ඉලක්ක කරගෙනය.
එහෙත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ අපේක්ෂිත ධාරිතාව නිසි ආකාරයෙන් සම්පූර්ණ කිරීම සිදු කළ හැකි බව තහවුරු කරගැනීම සඳහා කරන පරීක්ෂණ මාලාව අවසන් වනතුරු මෙම රසායනාගාරය නිල වශයෙන් ආරම්භ කළ නොහැකි බවය.
“ මේ රසායනාගා ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත වුනා තමයි. නමුත් මෙම පීසීආර් රසායනාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය නම් එහි ධාරිතාව පිළිබඳව සෞඛ්‍ය අංශ සෑහීමකට පත් විය යුතුයි. අඛණ්ඩව ක්‍රියාත්මකවන සේවාවක් පවත්වා ගත හැකි බවට සහතික විය යුතුයි.“
“එක සුලු වැරැද්දකින් අපි මෙච්චර මහන්සියෙන් ආරක්ෂා කර ගත්තු හැම දේම නැතිවෙන්න පුලුවන්. මෙහි අරමුණ වුනේ ගුවන් මගියා ගුවන්තොටුපලින් පිට වෙන්න කලින් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව ලබා දීම. ඒ සහිතකය දෙන්න බැරි නිසා තමයි තවම මේ පරීක්ෂණාගාරයෙ කටයුතු නිල වශයෙන් ආරම්භ නොකර ඉන්නේ.“
“ඒ නිසා මෙම රසායනාගාරය කටයුතු නිල වශයෙන් ආරම්භ කරන තුරු පෙර පැවති ආකාරයටම විදේශවල සිට පැමිණෙන අය නිරෝධායනය කිරීමට කටයුතු කරනවා.“
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.