අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි…ඉන්දියාවට එරෙහි මුල්ම විස්සයි 20 තරගාවලි ජය වාර්තා කරයි…

by editor
ජූලි 29, 2021
in ක්‍රීඩා, පුවත්
වනිඳු හසරංග

ඓතිහාසික තරගාවලි ජයග්‍රහණ ගෙනා මරනම් පන්දු යවන්නා... වනිඳු හසරංග

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසය වෙනස් කළේය.  ඒ ඉන්දියාවට එරෙහිව සිය පළමු විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය ලබා ගනිමිනි.

මීට ටික වෙලාවකට පෙර නිමා වූ තුන්වන විස්සයි 20 තරගයේ දී ඉන්දියානු ඉනිම ලකුණු 81කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. විශිෂ්ට පන්දු යැවීමක් හා පිටියේ අනර්ඝ පන්දු රැකීමක් දක්නට ලැබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග වාර්තාගත පන්දු යැවීමක නිරත විය. ඔහු පන්දු ඕවර 4 දි ලකුණු 9කට කඩුලු 4ක් ලබා ගත්තේය. දසුන් ශානක හා චාමික කරුණාරත්න කලකට අමතක නොවන උඩ පන්දු දෙකක් ලබා ගත්තේය.

ලකුණු 81 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 14යි පන්දු 03ක දී කඩුළු තුනක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. ඒ තරගය කඩුළු 07කින් ජයග්‍රහණය කරමිනි.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට ඉන්දියානු නායකයා ගත් තීරණය  පාරාවළල්ක් වී තිබිණි. නායක ශිකර් දවාන් ලකුණු නොලබා දැවී ගියේය. ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ කුල්දීප් යාදේව්ය. ඔහු පන්දු 28ක දී ලකුණු 23ක් ලබා ගත්තේය. ඉලක්කම් දෙකක ලකුණු ප්‍රමාණයක් පසු කර ගියේ  ලකුණු 16ක් ලබා ගත් බුවනේෂ් කුමාර් සහ ලකුණු 14ක් ලබා ගත් ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් ය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඉන්දියානු ඉනිම සුනු විසුණු කළේ වනිඳු හසරංගය. වනිදු සිය උපන්දිනය දා වාර්තාගත පන්දු යැවීමක නිරතවෙමින් පන්දු ඕවර 04 තුළ ලකුණු 09ක් පමණක් ලබා දෙමින් කඩුලු 04ක් ලබා ගත්තේය.

දුෂ්මන්ත චමිර අලංකාර පන්දු යැවීමක නිරත විය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 16ක් පමණක් ලබා දී කඩුල්ලක් ලබා ගත්තේය. බොහෝ විට ඔහුගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝමීටර 140   ඉක්මවා ගියේය.  නායක දසුන් ශානක  පන්දු ඕවර 02ක් යවා ලකුණු 20කට කඩුළු 02ක් බිඳ හෙළුවේය.  රමේෂ් මෙන්ඩිස් පන්දු ඕවර 02ක් යවා ලකුණු 13කට කඩුල්ලක් ලබා ගත්තේය. ඉන්දියානුවෝ  පන්දු ඕවර 20 තුළ කඩුළු 8 ක් දැවී රැස් කරගත්තේ ලකුණු 81ක් පමණි.

ශ්‍රි ලංකා ඉනිම ආරම්භ කළේ අවිෂ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුකය.  අවිශ්ක ලකුණු 12ක් ලබා සිටිය දී රාහුල් චහාර් පන්දු යවමින් ලබා ගත් මනරම් උඩපන්දුවකින් දැවී ගියේය. මිනෝද් භානුක පන්දු 27ක දී ලකුණු 18ක් ලබා ගෙන තිබෙද්දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව රාහුල්ට ගොදුරු විය.  සධීර සමරවික්‍රම රාහුල් හමුවේ මුලුමනින්ම පැරදුනේය.  රාහුල් තම  පන්දු ඕවර 4 නිමාකළ අවසන් පන්දුව  සධිර සමරවික්‍රමගේ මැද ඉන්න කුඩු කරමින් යැව්වේය.

ඉන්දියාව වෙනුවෙන් ලබා ගත් කඩුලු 03ම ලබා ගත්තේ රාහුල් චහාර්ය. ඔහු සටන අත් නොහැර මනරම් පන්දු යැවීමක නිරත විය. රාහුල් පන්දු ඕවර 4 තුළ ලකුණු 15කට කඩුළු 03ක් ලබා ගත්තේය.

සධීරගේ දැවීයෑමත් සමග පිටියට පැමිණියේ වනිඳු හසරංගය. වනිඳු හසංග සහ එක් අන්තයක එතෙක් ක්‍රීඩා කරමින් සිටි ධනංජය ද සිල්වා හා එක් වී තරගය නිමා කළේය. ධනංජය ද සිල්වා පන්දු 20ක දී ලකුණු 23ක් රැස් කළේය. ධනංජයගේ පිතිකරණයේ පරිනතිය යළිත් වරක් ප්‍රකට වූයේය.

වනිඳු පන්දු 9කදී ලකුණු 14ක් රැස් කළේය.  තරගයේ වීරයා  සම්මානය ඉන්දීය ඉනිම සුණු විසුණු කළ වනිඳු හසරංගට හිමි විය.

මෙතෙක්  ඉන්දියාව සමග පන්දුවාර 20යි විස්ස තරගාවලි 05 ශ්‍රී ලංකාව ක්‍රිඩා කර තිබිණි. වර්ෂ 2009, 2017, 2018, 2020, පැවැත්වූ තරගාවලි හතරෙන් 03ක් ඉන්දියාව ජයග්‍රහණය කළේය. එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම 2021 තරගාවලිය ජයග්‍රහණය කළේය. ඒ  පළමු තරගය අන්ත පරාජයක් ලබා තිබිය දී අනතුරු තරග දෙකම විශිෂ්ට ජයග්‍රහණය අත්කර ගනිමිනි.

මේ තරගාවලිය පුරාම දුටු වැදගත්ම අත්දැකීම වූයේ ක්‍රීඩාවේ තිබිය යුතු විනය සහ ක්‍රීඩා ශීලී බවය.  ශිකර් දවාන් මෙන්ම දසුන් ශානක ද රටක ගෞරවය විනය මෙන්ම මිත්‍රශීලී මහත්මා ගුණය නායකත්වයෙන් ප්‍රකට කළේය.

Share69Tweet43
Previous Post

ජුනි 23ට දාට පසු කොව්ඩ් ආසාදිතයන් ගේ ගණන 2000 පනී… අද 2329 යි

Next Post

කාන්තාවන් 4 දෙනෙකුගේ අමානුෂික පහරකෑමට ලක් වූ තරුණයෙක් සිය දිවි නසාගෙන….

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.