නත්තල් සහ පොහොය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් දෙසැම්බර් 25 සහ 26 යන දෙදින තුළ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යටතේ වලංගු මත්පැන් බලපත්‍ර සහිත ලියාපදිංචි තරු පන්තියේ හෝටල්වලට සංචාරකයින්ට පහසුකම් සැලසීම සඳහා දෙසැම්බර් 25 වැනිදා මත්පැන් අලෙවි කිරීමට අවසර දී ඇත.
කෙසේ වෙතත්, උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී (26) සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අනුමත මත්පැන් අලෙවිසැල් ඇතුළුව දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබේ.








