ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.
20 වැනි සංශෝධනයේ සහ 19 වැනි සංශෝධනයේ පැවති සාධනීය වගන්ති රැසක් ඇතුළත් කරමින් නව 22වැනි සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව ගැසට් මගින් ප්‍රකශහයට පත් කර තිබෙන අතර 22 එය ශ්‍රෙෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් නොවුවහොත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව එය විවාදයට ගනු ලබයි.
නව සංශෝධනයට අනුව වෙනත් රටක පුරවැසියකුට පාර්ලිමේන්තුවට තේරි පත්විය නොහැකි බවටත් ද්විත්ව පුරවැසි භාවය හිමි අයකුට රාජ්‍ය පාලන කටයුතු සඳහා සහභාගී විය නොහැකි බවටත් එහි සඳහන් කොට තිබේ.
මෙම පනත ක්‍රියාත්මක වන දිනයෙන් ආරම්භ වන සහ පාර්ලිමේවන්තුව විසිරුවා හැරීමට නියමිත කාල පරිච්චඡේදයේදී පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් විශ්වාසය අහිමි ව ඇති බවට ජනපතිවරයාගේ මතය වන්නේ නම් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකි බවද එහි දැක්වේ.
ජනාධිපති වරයා යම් පත් කිරිමක් හො සහ විෂය කාර්ය පැවරීමක් හො වෙනස් කිරීමක් අමාත්‍ය මණ්ඩලය තුළ සිදු කරන්නේ නම් ඊට පෙර ඒ බව අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා බලා එය සිදු කළ යුතු බව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කර ඇත.
මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍ය පාලනයෙන් සිදු කළ හැකි ගුණාංග වගන්ති රැසක් නව සංශෝධනයට ඇතුළත් කර ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා ලංකාසරට පැවසීය.