ආයෝජන මත ලාභ අනුපාත අඩු කිරීම හෝ ණය ආපසු ගෙවීම නැවත සැලසුම් කිරීම යන ආකාරවලින් චීන පාකිස්ථාන ආර්ථික කොරිඩොවේ බලාගාරවලින් සහන ලබා ගැනීමට උත්සාහ කරන බව පාකිස්ථානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වී තිබේ.
චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව යටතේ පිහිටුවන ලද ඩොලර් බිලියන ගණනක් වටිනා විදුලි උත්පාදන බලාගාරවල මිලදී ගැනීමේ ගිවිසුම් නැවත විවෘත කිරීමේ ගැටළුව නුදුරු අනාගතයේදී යළි මතුවෙනු ඇත. පෙර පැවති ආණ්ඩු පක්ෂය වන පාකිස්ථාන ටෙහ්රික් ඊ ඉන්සාෆ් පක්ෂය පසුගිය වසරේ ජූනි මස ඩොලර් මිලියන 400ක් ණයක් ලබා ගත් ලෝක බැංකුව සමඟින් ද ණය ආපසු ලබා දීමේ කාල පරාසයේදී ණය ආපසු ගෙවීම නැවත සැලසුම් කිරීමකට ගොස් තිබේ.
චීන ආයෝජකයින්ගෙන් සහන ලබා ගැනීමේ සහතිකය පාකිස්ථාන බලධාරීන් විසින් අයිඑම්එෆ් සමඟින් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ ඇති අතර එමඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ එක් බාධකයක් ඉව්ත කරගෙන තිබේ.