22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (29) ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ස්ථාපිත කිරීම, කොමිෂන් සභා 09ක් පිහිටුවීම ඇතුළු සංශෝධනවලින් ජනාධිපතිවරයා සතු බලතල ප්‍රමාණය අඩු කිරීම, ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට පාලන කටයුතුවලට සම්බන්ධ වීමට ඇති හැකියාව ඉවත් කිරීම ඇතුළු සංශෝධන රැසක් මෙම සංශෝධනයට ඇතුළත් කර තිබේ.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය සඳුදා තීරණය කළේය. .
එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිතව ඇත.
එම ගැස්ට් නිවේදනය මෙම දිගුවෙන් ලබා ගත හැකිය. 22nd Amendment to the Constitution_Bill_S