අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායිවලින් පැන්නූ පසු කටුනායක දි කුදලා ගත්  පාතාල  සොම්බින් 21ක ගේ කතාව…  

by editor
මැයි 23, 2026
in පුවත්
මහවත්තේ චාමර සහ කුඩු දුමින්ද

මහවත්තේ චාමර සහ කුඩු දුමින්ද

Share on FacebookShare on Twitter

ඩුබායි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟවී සිටිමින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ ප්‍රබල පාතාල සාමාජිකයින් ඇතුළු 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පිටුවහල්  කෙරුණි. මේ පිටුවල් කිරීම සහ අදාල පිරිස ලංකාවට රැගෙන එන දිනය සම්බන්දව සමාජයේ කුතුහලයක් ද ඇති වී පැවතිනි.

ඊයේ ( 2026 මැයි 22 වන දින)  මොවුන් මෙරටට පැමිණියේය.

ගුවන් ගමන් වෙනස් වීම සහ අත්අඩංගුවට ගැනීම

මෙම පිරිස අතර තරුණියන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 19 දෙනෙකු සිටින අතර ඔවුන් එයාර් ඒෂියා (Air Arabia) ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් සාජා නුවර සිට මෙරටට එවීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව ජී.9.- 587 (G9-587) දරන ගුවන් යානයෙන් අද අලුයම 2:30 ටත්, ජී.9.- 502 (G9-502) දරන ගුවන් යානයෙනුත් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට බලපෑ අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ගුවන් යානා දෙකම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදුවිය. පසුව කාලගුණය යහපත් වීමෙන් අනතුරුව ඊයේ  උදෑසන 8:10 ට පමණ මෙම ගුවන් යානා දෙක මත්තල සිට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළේ මොවුන් විදේශගතව සිටිමින් ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් සහ අනෙකුත් සංවිධානාත්මක පාතාල අපරාධ සෘජුවම මෙහෙයවූ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් බවය.

.එරට ආරක්ෂක නිලධාරීන් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සෘජුවම හේතු වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වයන්හිදී භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල වීඩියෝ දර්ශන මෙන්ම ඡායාරූප ඔවුන් සතු ජංගම දුරකථන තුළ තිබී සොයාගැනීමය. ආරක්ෂක හේතූන් මත සිදුකළ එම අත්අඩංගුවට ගැනීම්වලින් අනතුරුව නීතිමය පියවර ගනිමින් මෙම 21 දෙනාව මෙරටට පිටුවහල් කිරීමට එමීර් රාජ්‍යය පියවර ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූ ප්‍රධාන පුද්ගලයන්

මෙම කණ්ඩායමට පිරිමින් 19 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් පිටුවහල් කිරීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳවුම් භාරයේ  පසුවූයේය. විශේෂත්වය වන්නේ මේ පිටුවහල් කිරීමේ මෙහෙයුමට මෙරට පොලිසියේ හෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් සිදු නොවීමය.  ඩුබායිහි දී ඒ රටේ නීතියට එරෙහිව කටයුතු කළ ඔවුන් අත් අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයේ රැඳවුම් භාරයේ තබා නඩු කටයුතු විමසා ලංකාවට පිටුවල් කළ මේ පිරිස අතර    සිටින ප්‍රධානතම අපරාධ කල්ලි සාමාජිකයින්   දෙදෙනෙකු මෙතෙක් හඳුනාගෙන තිබේ:

  • මහවත්තේ චාමර: මොහු මෙම කණ්ඩායමේ සිටින වඩාත්ම කැපී පෙනෙන සහ භයානක අපරාධකරුවෙකි. දීර්ඝ කාලයක සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන් පිටුපස සිටි ප්‍රධානියෙකු වන මොහු, මීට පෙර මෙරටින් පලාගොස් ඩුබායි හි සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත භාරදීමට නියමිතය
  • කුඩු දුමින්ද: ලංකාවේ සිදුවූ බරපතළ ගණයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ, මෙරට ආරක්ෂක අංශ විසින් දීර්ඝ කාලයක් තිස්සේ සොයමින් සිටි තවත් ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකි. “කුඩු දුමින්ද”   ඉදිරි පුළුල් විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇත.
  • පරෙයි සුද්දා සහ කොණ්ඩා රංජි නැත –  ඩුබායිවලින් පන්නා දමන අපරාධකරුවන් 21 ගැන රට විශාල කතා බහක් පැටලි තිබිණි.  ඒ අතර ප්‍රධාන කොට අපේක්ෂා කළේ කොණ්ඩා රංජි සහ පරෙයි සුද්දා යන අපරාධකරුවන් මේ සමගම  ලංකාවට ගෙනෙනු ඇතැයි කියයා. වාර්තාවන පරිදි මේ අපරාධකරුවන් ද හිටියේ ඩුබායි අත් අඩංගුවේය. කොණ්ඩා රංජි මින් පෙර ද අත් අඩංගුවට ගැනිමකින් පසු ගැලවි ගියේය. කෙසේ වෙතත් මේ පුද්ගලයින්ගේ නඩු කටයුතු අවසන් විමෙන් අනතුරුව ලංකාවට පිටුවහල් කරනු ඇතැයි අපේක්ෂාවක් සමාජය තුළ තිබේ.

 පිටුවහල් කළ සැකකරුවන් 21 දෙනාගේ සම්පූර්ණ නාමලේඛනය

ගුවන් යානා දෙක මඟින් මෙරටට එවූ, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන සැකකරුවන් සහ සැකකාරියන්ගේ විස්තර මෙසේය:

G9-587 දරන ගුවන් යානයෙන් පැමිණි පිරිස (පුද්ගලයන් 10කි):

  • පොතුමුල්ල කන්කානම්ගේ චානුක පුෂ්පකුමාර (කොළඹ ප්‍රදේශයේ පදිංචි)
  • කිරුපනන්ද කෙව්තෙමාන් (කොළඹ ප්‍රදේශයේ පදිංචි)
  • කලුපෙ මහහේවගේ චලන සංගීත් (කොළඹ ප්‍රදේශයේ පදිංචි)
  • මොහොමඩ් සප්රාස් (කොළඹ ප්‍රදේශයේ පදිංචි)
  • මල්දෙණියගේ කසුන් සච්චන (මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි)
  • වැනිමුණිදේවගේ මධුසංඛ පුෂ්පලාල් (ගම්පහ ප්‍රදේශයේ පදිංචි)
  • දිනුක ප්‍රභාත් (රාගම ප්‍රදේශයේ පදිංචි)
  • දිල්ෂාන් සුගත් කුමාර (අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි)
  • ගොඩමුණේ විතානගේ අජිත් කුමාර (ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි)
  • ප්‍රදීප් කුමාර (මීගමුව ප්‍රදේශයේ පදිංචි)

G9-502 දරන ගුවන් යානයෙන් පැමිණි පිරිස (පුද්ගලයන් 11කි):

  • කලුතරගේ චතුර බුද්ධික (කොළඹ ප්‍රදේශයේ පදිංචි)
  • කලුපෙ මහහේවගේ ගෙහානි ගෞෂිකා (කොළඹ ප්‍රදේශයේ පදිංචි – තරුණියකි)
  • අචිල නිරංග කුමාර (කොළඹ ප්‍රදේශයේ පදිංචි)
  • තෝල්ක මුදියන්සේලාගේ රොෂාන් ප්‍රදීප් රුද්‍රිගු (කොළඹ ප්‍රදේශයේ පදිංචි)
  • අනුරාධ උපශාන්ත ප්‍රනාන්දු (කොළඹ ප්‍රදේශයේ පදිංචි)
  • අඹගහගේ සුපුන් තිළිණ (මාරවිල ප්‍රදේශයේ පදිංචි)
  • සුන්දරදාස් සුලෝචනා (මාරවිල ප්‍රදේශයේ පදිංචි – තරුණියකි)
  • ක්ලැරන්ස් දිනේශ් මධුසංඛ (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිව සිටි)
  • වීරබාහු මුදියන්සේලාගේ තුසිත ප්‍රදීප් (මුන්දලම ප්‍රදේශයේ පදිංචි)
  • සුරත් තුෂාර පෙරේරා (වාරියපොළ ප්‍රදේශයේ පදිංචි)
  • සමන් පුෂ්පලාල් පෙරේරා (දෙහිවල ප්‍රදේශයේ පදිංචි)

කටුනායක ගුවන් තොටුපළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් 21 දෙනාගෙන්ම දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇති අතර, ඉන් අනතුරුව ඉදිරි නීතිමය පියවර සහ විමර්ශන සඳහා අදාළ පොලිස් ස්ථාන සහ විශේෂ විමර්ශන ඒකක වෙත භාරදීමට කටයුතු කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

Next Post

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 3කට අධික  මුදල් කොල්ල ගැන හොයන්න  FBI කණ්ඩායමක් ලංකාවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.