ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත වහාම ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තිරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීවේ දී එම අනුමැතිය ලැබී ඇති අතර එය ගැසට් කළ වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ලංකාසරට පැවසීය.
සියලු පක්ෂ හා කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු සැලකිල්ලට ගෙන 21 වැනි ව්‍යවස්ථා සංශොධනය කෙටුම්පත් කළ බව හෙතෙම සඳහන් කළේය.
ජනමත විචාරණයකට තුඩු දෙන කරුණු කිසිවක් නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර නැති බව පවසන අධිකරණ ඇමතිවරයා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ඇමතිවරයා කීවේය.