රජයේ සේවකයින් සේවයට ගෙන්වීම සීමා කරන්නැයි 2022.06.26 දින නිකුත් කරන ලද අංක 16/2022(I) චක්‍රලේඛය මත ක්‍රියා නොකර ඊයේ දිනයේ රාජ්‍ය සේවකයින් වැඩිපුර සේවයට කැඳවීම නිරීක්ෂණය වී ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පාළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.එම්.සී මායාදුන්නේ ඊයේ විශේෂ ලිපියක් නිකුත් කරමින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් පාලන ලේකම්වරුන්ට දන්වා තිබේ.
එම චක්‍රලේඛය නිකුත් කරමින් ලේකම් වරයා ඉදිරි දින 10 තුළ රජයේ කාර්යාලවලට සේවකයින් කැඳවීමේ දී එය අත්‍යාවශ්‍යම ඉතා සීමිත පිරිසකට පමණක් සීමා කරන ලෙස අවධාරණය කරයි.
ඉන්ධන සැපයීම දුර්වලවන නිසා ඉදිරියේ දී පොදු ප්‍රවාහන සේවා ද අඩපණ විය හැකි බව ලේකම්වරයා පෙන්වා දෙයි.
එම ලිපිය පහත දැක්වේ.