2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (04) නිවේදනය කළේය.
එම විභාගය මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු 15 වැනිදා නිකුත් කරන බව අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කීවේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් මුලින් පාසල් වරින් වර වසා දැමුනු අතර මේ වන විට රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් විටින් විට පාසල් වසා දැමීම සිදුවෙමින් ඇත.