වර්ෂ 2021ට ආදාලව පාසල් විභාග පැවැත්වෙන දින හා 2021 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පාසල්වල පාසල් වාර අවසන් කිරීම පිළිබඳ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022.01.22 පැවැත්වීමට නියමිතය.
2021 අපොස උසස් පෙළ විභාගය 2022.02.07 සිට 2022.03.05 දක්වා පැවැත්වෙනු ඇත.
2021 අපොස සාමාන්‍යපෙළ විභාගය 2022.05.23 සිට 2022.06.01 දක්වා පැවැත්වෙනු ඇත.
ඒ අනුව සියලුම පාසල් සඳහා නත්තල් නිවාඩුව 2021.12.23 – 27 දක්වාත්, 2021 අපොස උසස්පෙළ විභාගය සඳහා පාසල් නිවාඩුව පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳහා ලබා නොදීමට තිරණය කර ඇත. අනෙකුත් ශ්‍රේණි සඳහා නිවාඩුව 2022.02.03 සිට 2022.03.07 දක්වා ලබා දෙනු ඇත.
2021 වර්ෂයේ සිංහල හා දෙමළ පාසල් සඳහා පාසල් වාරය අවසන් කිරීම 2020.04.08. සිදුවනු ඇත. අලුත් අවුරුදු නිවාඩුව 2022.04.09 සිට 2022.04.17 දක්වා ලැබෙනු ඇත.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.