අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිම්බාබ්වේ පැවැත්වෙමින් තිබුණු කාන්තා ලෝක කුසලාන මූලික වටය අතර මැද අවලංගුයි! ශ්‍රී ලංකා කණ්ඩායම අර්බුදයක…

by editor
නොවැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාව අඩපණ කරමින් පැතිර යන  නව COVID-19 ඔමික්‍රොම් ප්‍රභේදයේ අවදනාමට ලක් වී ඇති    සිම්බාබ්වේ ඇතුළු අප්‍රිකානු රටවල් ගණනාවක සංචාරක සීමාවන් හඳුන්වාදීම හේතුවෙන් 2021 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ හරාරේ හි සැලසුම් කර තිබූ  තරඟ   අත්හිටුවා ඇති බව  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේය.

නවසීලන්තයේ පැවැත්වීමට නියමිත 2022 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ අවසන්  කණ්ඩායම් තුන තීරණය කිරීමට   තරගාවලියේ මූලික ලීග් අදියර පැවැත්වෙමින් තිබිය දී අයි.සී.සී.ය මෙම තීරණය ගෙන ඇත.

මේ තරගාවලිය අවලංගු වීමත් සමග තරඟාවලියේ ක්‍රීඩා කරන කොන්දේසි වල විස්තර කර ඇති පරිදි ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින් සිටින කණ්ඩායම් තුන ලෝක කුසලාන අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම්  ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළින් සිටි බංග්ලාදේශය, පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දැන් නවසීලන්තයේ පැවැත්වෙන අවසන් තරගවට පිවිසෙනු ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම තරගාවලියේ  සෙනසුරාදා පැවැත්වීමට නියමිත තරග තුනෙන් දෙකක් සිම්බාබ්වේ සහ පාකිස්තානයත්   ඇමරිකා එක්සත් ජනපදය සහ තායිලන්තයත්  නියමිත පරිදි පැවැත් වූ නමුත්  තුන්වන තරගය වන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවැත්වූයේ නැත. ඊට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසක්  කොවිඩ් ආසාදනය වීමය.

අයිසීසී ඉසව් ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි පැවසුවේ, “මෙම ඉසව්වේ   අවලංගු කිරීමට සිදුවීම ගැන   ඇදහිය නොහැකි තරම් කණගාටුවන නමුත් අප්‍රිකානු රටවල් ගණනාවකට   කෙටි දැනුම්දීමකින් සංචරණ සීමාවන් පැනවීමත් සමඟ කණ්ඩායම් ආපසු යාමට නොහැකි වීමේ බරපතල අවදානමක් ඇති වී තිබෙන බවය.

“අපි මෙම ඉසව්ව සම්පූර්ණ කිරීමට ඉඩ දීම සඳහා විකල්ප ගණනාවක් ගැන අවධානය යොමු කරලා තිබෙනවා.  නමුත් එකක්වත්  කළ නොහැකියි.   අපි හැකි ඉක්මනින් කණ්ඩායම් සිම්බාබ්වේ වෙතින් පිටතට රැගෙන යා යුතුයි. ඒ අනුව බංග්ලාදේශය, පකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව 2022 ICC කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.“

2022 මාර්තු 4 සිට අප්‍රේල් 3 දක්වා නවසීලන්තයේ පැවැත්වෙන ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් වන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය (සත්කාරක), පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශයයි.

මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විශාල අර්බුදයකට මුහුණ දී ඇත්තේ සංචරණ සීමා පැනවීම මෙන්ම මේ වනවිට කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තුනදෙනෙකුට හා කාර්යමණ්ඩලයේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසාය.

අද සිට ශ්‍රී ලංකාවද  සිම්බාබ්වේ ඇතුළු රටවල් හයකට සංචරණ සීමා පනවනු ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර රෝහලේ  බෙහෙත් හොරා හොයන්න ඩී.එන්.ඒ පරීකෂණයක්…

Next Post

2021 පාසල් වාරයේ විභාග හා නිවාඩු ප්‍රකාශයට පත් වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.