ලලිත් චාමින්ද –
මෙරට සජිවී දරු උපත් සංඛ්‍යාව 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දි 16858කින් අඩුවි ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
.2020 වර්ෂයේ දි මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව 301,706ක් වු අතර 2021 වර්ෂයේ දි සජීවිදරු උපත් සංඛ්‍යාව 284,848ක් දක්වා අඩුවි ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.
මේ නිසා දළ උපත් අනුපාතය (ජනගහනයෙන් 1000) 12.9 දක්වා 2021 වර්ෂයේ දි අඩුවී ඇත. 2020 වර්ෂයේ දී සජීවි දරු උපත්වලින් පිරිමි දරුවන් 154068 දෙනෙකු උපත ලබා තිබු අතර උපත ලැබු ගැහැණු දරුවන් සංඛ්‍යාව 147 638කි.
2021 වර්ෂයේ දි පිරිමි දරුවන් 145045ක් උපත ලබා තිබු අතර ගැහැණු දරුවන් 139,803 දෙනෙකු උපත ලබා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවේ දත්ත පෙන්වාදෙයි.
එමෙන්ම 2021 වර්ෂයේ දිස්ත්‍රි උපත් 100කට පුරුෂ උපත් සංඛ්‍යාව 104කි.