සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2015 වගේම ආණ්ඩුව පෙරළන ක්‍රමන්ත්‍රණයක් දියත් වෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

by Lanka Sara Editor
ඔක්තෝබර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

2015 දි මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා යහපාලන ආණ්ඩුව පත් කළ ආකාරයේ ම කුමන්ත්‍රණයක් ආණ්ඩුවට එරෙහිව දියත් වෙමින් පවතින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ “ඔබට අයවැයෙන්“ වැඩසටහන සදහා එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්වීම ඊයේ (02) මිනුවන්ගොඩ ප්‍රාදේශීය සබා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි සදහන් කළේ ආණ්ඩුවට එල්ල වි ඇති බොහෝ චෝදනා පදනම් විරහිත බවයි. විපක්ෂයේ ඇතැමුන් ආණ්ඩුවට එරෙහිව හිතාමාතාම මෙවැනි බොරු චෝදනා නගන බවත් මෙහි දි වැඩි දුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය

“අපේ පක්ෂයේ ඉතිහාසය වසර හතරක් වුණාට, අපි ජයග්‍රහණ, විජයග්‍රහණ, රැසක් ඉතිහාසයට එකතු කළ කණ්ඩායමක්. අපිට හොද ප්‍රතිපත්තියක් තියෙනවා. අපිට හොද දැක්මක් තියෙනවා. අපිට හොද නායකත්වයක් තිබෙනවා.ඒ නිසා අපි පක්ෂයක් ලෙස ආරම්භයේ සිට ම අභිමානයෙන් කටයුතු කළා. ජයග්‍රහණයටම කැපවුණා. කවුරුත් නොහිතන වෙලාවක, තමන්ගේ අතින්ම පක්ෂයක්, පක්ෂ ලාංඡනයක් නිර්මාණය කරගෙන අපේ මේ සියලු ජයග්‍රහණ පිටුපස සිටියේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමායි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද අපිට ජනාධිපති බලය, පාර්ලිමේන්තු බලය සහ පළාත් පාලන බලය තුනම තිබෙනවා. ආණ්ඩුව වැඩ කරන්නේ සංවිධානාත්මකව, බුද්ධිමත්ව හා සැලසුම් සහගතවයි. ආණ්ඩුවට අප්‍රසාදයට ලක්කරන්න විපක්ෂය විවිධ කුමන්ත්‍රණ කරනවා. හේතුවිරහිතව, ප්‍රෝඩාකාරිව විපක්ෂය විසින් කරන කුමන්ත්‍රණ වලට අපේ පාක්ෂිකයන් අහුවෙන්නේ නෑ. අද ඇතැම් සමාජ මාධ්‍ය හැසිරෙන්නේ බොරුව උළුප්පන දේ ප්‍රචාරය කරන්න. මොන ප්‍රශ්න තිබුණත් ආණ්ඩුව සංවර්ධන වැඩ අතාරින්නේත් නෑ, ජනතාව ආරක්ෂා කරන වැඩේ අතාරින්නේත් නෑ. කොරෝනා වලින් ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුව සියලු පියවර ගෙන තිබෙනවා.

විපක්ෂයට කඩේ යන උදවිය පාරට බැහැලා මොන මොන පොකුරු හැදුවත් ආණ්ඩුව කොරෝනා පාලනය කරමින් සිටිනවා. කොරෝනා එන්නත්කරණය සාර්ථකවම සිදු වූ රටවල් වලින් එකක් බවට ශ්‍රී ලංකාව පත් ව තිබෙනවා. මේ වන විට සමස්ථ ජනගහණයෙන් 70%ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක් කරලා. ආණ්ඩුව එන්නත්වලට ගෙවන ගාණ ඩොලර් කෝටි ගාණක්, මේ ගෙවන්නේ මේ රට සංවර්ධනය කරන්න තිබෙන සල්ලි. අපි හැමවිටම ජනතාවට ප්‍රමුඛතාව දෙනවා. ඒ නිසයි කොවිඩ් පාලනය කිරීම සදහා ආණ්ඩුව ප්‍රමුඛතාවය දෙන්නේ. මහජන මන්ත්‍රීවරුන්ගේ කීර්තීනාමය කෙලෙසලා තිබ්බ වෙලාවක මන්ත්‍රීවරයාට ගරුත්වයක් ලැබෙන විදිහට වැඩ කරන්න හයිය දෙන වැඩසටහනකුයි මේ. එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 1000 බැගින්, පළාත් සභා මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 200 බැගින්, පළාත් පාලන මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 40 බැගින් , එක ඡන්ද කොට්ඨාසයකට ලක්ෂ 30 බැගින් මේ යටතේ සංවර්ධනයට මුදල් ලැබෙනවා.

නොවැම්බර් මාසයේ මුල දී රටට ඉදිරිපත් කරන අපේ ආණ්ඩුවේ අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙනවා. අපි මෙහි දි ප්‍රමුඛතාවය දෙන්නේ කොවිඩ් වලින් කඩන් වැටුණු ක්ෂේත්‍ර යළි නගා සිටුවිම සදහායි. ආණ්ඩුවට අද බොහෝදෙනා චෝදනා කරනවා. මේ චෝදනා කරන්නේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම සදහායි. ඒවායේ කිසිම පදනමක් නෑ. 2015 දි මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමුවේත් මෙවැනි ම කුමන්ත්‍රණයක් හරහායි. අද ගෝඨාභය, මහින්ද ආණ්ඩුව පෙරළා දැමීම සදහා ජනතාව තුල බොරු වපුරමින් විපක්ෂය එම කුමන්ත්‍රණයේ ම යළි යෙදී සිටිනවා. විපක්ෂයේ කුමන්ත්‍රණවලටත්, චෝදනා වලටත් මුහුණ දෙන්න අපි ලෑස්තියි. කවුරු මොන චෝදනා කළත් ආණ්ඩුව ඉදිරියට තැබු පය ආපසු ගන්නේ නෑ. අප කෙරෙහි විශ්වාසය තැබු ජනතාව වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරනවා. ජනතාවට ලබාදුන් පොරොන්දු අබමල් රේණුවකින් හෝ කඩන්න අපි සුදානම් නෑ. “

මෙම රැස්වීමේ දි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මිනුවන්ගොඩ ප්‍රා දේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල යන මහත්වරු කථා කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ජගත් කුමාර මධුරවිතානගේ යන මහත්වරුන් ද සහභාගී වුහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි!

Next Post

අපි කා එක්කවත් විහිළු කරන්නෙ නෑ…  බෝපිටියේ දේවස්ථානයට කළ දැනුම් දීම ගැන ආරක්ෂක ලේකම් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.