21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලබා දීමට පෙර පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා එසේ පවසා ඇත්තේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් පසුය.
එම සංශෝධනයේ අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට පෙර පක්ෂ නායකයින් වෙත යොමු කර ඔවුන්ගේ අදහස් ලබාගත යුතු බව පවසා ඇත
එම පක්ෂ නායකයින් වෙත් අදාල සංශෝධන පනත් කෙටුම්පතේ පිටපත් යොමු කිරීමට ද තිරණය වී ඇත.
ඒ අනුව ලබන සිකුරාදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට යොමු කර සම්මත කරගෙන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට සැලසුම් වී තිබේ.
පොහොට්ටු දේශපාලකයින් විසින් අද 21 වැනි ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එරෙහිව දැඩි විරෝධයක් මතු කර තිබිණි.
කෙසේ වෙතත් රටම බලා සිටි 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම පමණක් සිදුවිය.