ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

Industry Expo 2025 ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති එක් වෙයි!

by editor
සැප්තැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ පැවැත්වෙන Industry Expo 2025 ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක   අද (19) පෙරවරුවේ එක්විය.

ප්‍රදර්ශන කුටි නැරඹූ ජනාධිපතිවරයා එම ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙය වීම අරමුණ කර ගනිමින්, සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය වන පරිදි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන Industry Expo 2025 ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 – 21 දක්වා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ දී පැවැත්වේ.

කර්මාන්ත සංවර්ධනයේදී රටක් ලෙස මුහුණ දෙන ගැටළු සහ අභියෝග රැසකට විසඳුම් සෙවීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම අරමුණයි.

එමඟින් රටේ ජාතික නිෂ්පාදිතය ප්‍රවර්ධනයට උර දෙන දැවැන්තයින් ජාතික මට්ටමින් හඳුන්වා දීම, ජනතාව මෙන්ම වගකිව යුතු පාර්ශ්ව ඉදිරියේ ඔවුන් විසින් රටේ සංවර්ධනයට දක්වන දායකත්වය ඇගයීමට ලක් කිරීම මෙන්ම ජනතාව තුළ ව්‍යවසායක ප්‍රජාව පිළිබඳ සුබවාදී ආකල්ප ඇති කිරීමද අපේක්ෂා කෙරේ.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

එතුළින් ජනතාව තුළ ව්‍යවසාකත්වය පිළිබඳ උනන්දුවක් ඇති කිරීම, කර්මාන්තකරුවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පුළුල් කිරීමට අවස්ථා හඳුන්වා දීම සහ ඊට අභිප්‍රේරණය ලබා දීම සිදු කෙරේ. තවද වෙළෙඳපොල සබඳතා ප්‍රවර්ධනය කිරීම තුළින් සියලු පාර්ශ්වයන්ට දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොල නව ප්‍රවේශ විවර කර දීම, තරඟකාරී වෙළෙඳපොල පිළිබඳ තක්සේරුවකට පැමිණීම වැනි අවස්ථා හිමි කර දෙන අතර තමන්ගේ හැකියාවන් සහ දුර්වලතා හඳුනා ගැනීමටත්, නව තාක්ෂණය භාවිතය පිළිබඳ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට ද Industry Expo 2025 ප්‍රදර්ශනය අවස්ථාව හිමි කර දෙයි.

මීට අමතරව කර්මාන්ත සංවර්ධනය සඳහා සහාය දක්වන ආයතන පද්ධතිය හඳුනා ගැනීමත්, ඒ හරහා ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳ දැනුම්වත් වීමත් ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් මෙහිදී ලබා ගන්නා සුවි‍ශේෂ අවස්ථා වේ.
මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 25ක් නියෝජනය වන පරිදි දිවයින පුරා කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශන කුටි 450කින් මෙම ප්‍රදර්ශනය සමන්විතය.

පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය සහ පෞද්ගලික අංශ මඟින් ඉදිරිපත් කරනු ලබන නවෝත්පාදන කලාපය මෙවර ප්‍රදර්ශනයේ විශේෂ අවධානය යොමු වී ඇත. මීට අමතරව පාසල් ව්‍යවසායකත්ව කව වැඩසටහන යටතේ පාසල් සිසුන් ගේ නිෂ්පාදන රැගත් ප්‍රදර්ශන කුටිද මෙවර Industry Expo 2025 ප්‍රදර්ශනයට ඇතුළත්ය.

තවද ජාතික ඉංජිනේරු නවෝත්පාදන හා ගවේෂණ මධ්‍යස්ථානයේ (NERD) සේවා කුටියක්ද, කර්මාන්ත සඳහා සහාය ලබා දෙන සියළුම රාජ්‍ය සහ බැංකු ආයතන නියෝජනය කෙරෙන ONE STOP service කුටියක්ද මෙවර ප්‍රදර්ශනය සමඟ එක්වී තිබේ.

මීට අමතරව කර්මාන්ත හිමියන් සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ, ඇසුරුම් ද්‍රව්‍ය ආදී අංගෝපාංගවලින් සමන්විත Industry Expo 2025 ප්‍රදර්ශනයේදී සැපයුම්කරුවන් හමු වීමේ අවස්ථාවද හිමි වේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාද මේ අවස්ථාවට එක් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක දරුවා රාජකීය විද්‍යාලයට දැමීමේ දී කිසිම නීති විරෝධී ක්‍රියාවක් කර නෑ… අල්ලස් කොමිසම නිවේදනය කරයි!

Next Post

මිද්දෙනියේ සොයාගත් ද්‍රව්‍යවල අයිස් මත්ද්‍රව්‍ය ඇති බව රස පරීක්ෂක තහවුරු කරයි…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.