අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19 බලගැන්වූ රටක ගොඩනගන අන්තර්වාර පාලනයේ අගමැතිකම ගන්න රනිල් එකඟවෙයි!

by editor
අප්‍රේල් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  20වැනි සංශෝධනය  අහෝසි කර 19 බලගන්වනවා නම් ඉන් පසු ගොඩනන්වන අන්තර්කාලීන ආණ්ඩුවක අගමැතිකම භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ  අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැතිකම භාරගන්නා ලෙස ඒ සඳහා සැලසුම් කරන හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

වාර්තාවන ආකාරයට ඒ සිදුවීම මෙසේය.

ආණ්ඩුවේ හිටපු ඇමතිවරු පිරිසක් හා රනිල් වික්‍රමසිංහ අතර පසුගිය සතියේ අවස්ථා දෙකක දී අන්තර්වාර පාලනයක අගමැතිකම භාරගැනීම සම්බන්ධව රනිල් වික්‍රමසිංහ සමග  සාකච්ඡා   කර ඇත.

ජාත්‍යාන්තර සබඳතා ප්‍රයෝජනයට ගෙන වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීම කළ හැක්කේ රනිල් වික්‍රමසිංහට බව පෙන්වා දී ඇති හිටපු ඇමතිවරු ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසුගිය කාල පරිච්ඡේදය තුළ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් රනිල් වික්‍රමසිංහ කටයුතු කළ ආකරය   පැසසුමට ලක් කර ඇති ඇමතිවරු නොපමාව අන්තර්කාලීන ආණඩුවේ අගමැතිකම භාර ගන්නා බවට රට හමුවේ ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා තිබේ.

මෙහිදී   හිටපු ඇමතිවරුන්ගේ එම ඉල්ලීමට ස්තුති කර ඇති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ   අන්තර්කාලීන ආණ්ඩුවක අගමැතිකම භාර ගැනීමේ  යෝජනාව ආණ්ඩුවේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන්  මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ද තමන්ට ලැබී තිබුණු බවය.

අන්තර්කාලීන  ආණ්ඩුවේ අගමැතිකම භාරගෙන රට ගොඩනැගීමේ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව මෙහිදී ප්‍රකාශ කර ඇති රනිල් වික්‍රමසිංහ ඒ  සඳහා 20වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි සංශෝධනය බලාත්මක කිරීම අවශ්‍ය බව පෙන්වා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කර රට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට යොමු කළ ද 20 වැනි සංශෝධනය යටතේ එය වෙනස් කළ නිසා ජනාධිපතිවරයා යටතේ අසීමිත බලයක් ගොනුවී ඇති බැවින් එවැනි පසුබිමක අගමැතිකම භාර ගැනීමෙන් වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමේ අභියෝගය ජයගත නොහැකි බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය එක් පුද්ගලයෙකුට ජනාධිපතිවෙන්න  කළ කුමන්ත්‍රණයක්…. කාදිනල් හිමියෝ කියති

Next Post

මේ ඇමතිකමින් විසිවෙන දවස ගැන මා වත් දන්නෙ නෑ… චන්න ඇමති සෞඛ්‍ය සේවකයින්ට අනිත්‍ය ගැන කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.