ලබන 17 වැනිදා අඟහරුවාදා රැස්වන පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීම් තුනක් පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම, ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්මත කර ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ මෝසම සහ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්බන්ධයෙන් මේ ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත.







