අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලලිත් කොතලාවල‍ෙගේ මරණයේ රස පරීක්ෂක වාර්තාව වහාම අධිකරණයට ලබා දෙන්න… වාර්තාව පමා කළ රස පරීක්ෂකවරයාට අධිකරණයෙන් නියෝගයක්!

by editor
මාර්තු 27, 2024
in පුවත්
Lalith-Kothalawala
Share on FacebookShare on Twitter

නිමන්ති රණසිංහ –

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල‍ෙගේ මරණයට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණ නිලධාරියා වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ  රජයේ රස පරීක්ෂකවරයාට ඊයේ (26) නියෝග කළේය.

මරණකරුගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීම සඳහා අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබූ අතර, එම වාර්තා මෙතෙක් නොලැබීම හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව‍ ප්‍රමාද වී ඇතැයි බම්බලපිටිය පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම වාර්තා මෙතෙක් අධිකරණයට නොලැබීම හේතුවෙන් මරණකරුගේ මරණයට හේතුව කුමක් ද යන්න සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ තීන්දුව ප්‍රකාශයට පත් කළ නොහැකි වී ඇති බව ද අධිකරණයේදී කරුණු හෙළිවිය.

ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණයට අදාළව ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්නත්, ඔහු යටතේ සේවය කළ සේවක සේවිකාවන් කිහිප දෙනකු ඇතුළු අට දෙනකුත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙන ලදි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලලිත් කොතලාවලගේ  මරණය සැක සහිත බවට ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න යන අය බම්බලපිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවෙයි.

ලලිත් කොතලාවල යටතේ සේවය කළ කණ්ඩායම් දෙකක් ඔහුගේ දේපොළ අත්පත් කරගෙන ඇති බවත් ඒ සඳහා ඔහුව අංක 13, ඩික්මන් පාර, නිවෙසේ තබාගෙන සිටි බවත් ෂෙරින් පේෂන් විජේරත්න යන අය අධිකරණයේදී සාක්ෂි ලබා දෙමින් සඳහන් කළාය.

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල   අභාවප්‍රාප්ත වූයේ ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මස 21 වැනිදාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය අතර ඒ වන විට ඔහු 84 වැනි වියෙහි පසුවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.- දිනමිණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

කප්පම් අපරාධයෙන් නිදොස් කොට නිදහස් කරන්නැයි ප්‍රසන්න ගොනුකළ අභියාචනා පෙත්සම්  විභාගයේ දී මහාධිකරණ නඩු තීන්දුවේ පොරොන්දු නෝට්ටු අධිකරණයට කැඳවීමට අවසර!

Next Post

නාරම්මල දී පොලිස් වෙඩි පහරින් 28 හැවිරිදි තරුණයෙක් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.