මහියංගන රජමහා විහාරයේ වාර්ෂික පෙරහැරට ගෙන්වා තිබූ හීලෑ අලියෙකුට වන අලියෙක් යැයි වැරදි අවබෝධයකින් වනජීවී නිලධාරීන් විසින් රබර් උණ්ඩ වලින් වෙඩි තබා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මෙම වෙඩි පහරින් තුවාල ලබා ඇත්තේ මහරගම සීතා හස්ථියා ය.

පෙරහර බැලීමට එන පිරිස් වන අලි උවදුරින් බේරා ගැනීම සඳහා රාජකාරියේ යොදවා සිටි වනජීවී නිලධාරියෙක් විසින් මෙම අත් වැරදීම සිදුවී තිබෙන බවත් තුවාල ලද හස්ථියාට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් යොදවා මූලික ප්‍රතිකාර කළ බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
සිද්ධිය සම්බන්ධව මහියංගනය පොලිසිය වැඩිදුර පරීක්ෂණයක් අරඹා ඇති බවත් වනජීවී සහ වන සම්පත් අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් කිරීමට නියමිත බවත් පරීක්ෂණයෙන් පසු ලබා දෙන නිර්දේශ ප්‍රකාරව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ.සී සූරිබණ්ඩාර පවසයි.







