බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

by editor
සැප්තැම්බර් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ෆවුස් මොහොමඩ්-
(2023.09.31 සිළුමිණ පුවත්පතින් උපුටා ගැනුණි)

ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවට ගිය ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එරට කාන්තාවකට ලිංගික අතවර සිදු කළ බවට සිඩ්නි නුවර අධිකරණයේ විභාගයට ගත් ස්ත්‍රී දූෂණ නඩුවෙන් නිදහස් විය.

දින 327කට පසු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව දැන් ඔහුට උදා වී තිබේ. ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනාවට නිවැරදිකරු බවට අධිකරණයෙන් තීන්දු වීම බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ අමන්දානන්දයට හේතුවකි. ඊයේ පෙරේදා සමාජ මාධ්‍ය ජාලයේ පළ වුණු කොමෙන්ටුවලින් එය පැහැදිලිය.

දැන් හරි ද?

එය සතුටට හේතු විය යුත්තේ වරද කුමක් වුව ද ශ්‍රී ලාංකිකයකු විදෙස් භූමියක සිරකරුවකු බවට පත්වීමේ ශෝචනීය තත්ත්වයෙන් බේරීම නිසා පමණි. මන්ද එසේ නිදහස ලැබූ පමණින් ධනුෂ්ක ගුණතිලක සිදු කළ වරද සාධාරණීකරණය කළ නොහැකි බැවිනි. වරද වන්නේ මාතෘභූමිය නියෝජනය කරමින් විදෙස් ගත වූ තානාපතිවරයකු බඳු ක්‍රීඩකයකු මෙවැනි දුරාචාරයක නිරතවී මව්බිමේ කීර්තිය හා ගෞරවය කෙළෙසීමය. අනිත් අතට අපමණ දුක් කන්දරාවක් විඳ දරා ගනිමින් හැදූ වැඩූ මවුපියන් ලජ්ජාවට පත් කිරීමකි. කුඩා වියේ සිටම අපමණ කැපවීමකින් යුතුව ක්‍රීඩාව කියාදුන් පුහුණුකරුවන්ගේ කීර්තිය අභියෝගයට ලක් කිරීමකි.

වරද වන්නේ ක්‍රීඩාව සමඟ නිතැතින්ම බැඳී පවතින ‘විනය‘ මෙවැනි හැසිරීමකින් හෑල්ලුවට පත් කිරීමය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදීමේ අරමුණින් සිය කණ්ඩායම සමඟ ජාතික කර්ත්‍යවයකට ඔස්ට්‍රේලියාවට ගොස් එසේ අයාලේ යෑම ගැටලු සහගතය. ගියා මදිවට පොලිස් කූඩුවේ ද සිට ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව අවමානයට ලක් කිරීමය.

ලිංගික ඇසුරට ලොල් පුද්ගලයන් සඳහාම වෙන් වු ‘ටින්ඩර්‘ නමැති වෙබ් අඩවියක ආරූඨ නමකින් ගිණුමක් ආරම්භ කළ ධනුෂ්ක එසේ කළේ කුමක් අපේක්ෂාවෙන් දැයි අමුතුවෙන් කිවයුතු ද නැත. අතවරයට ලක් වූ බවට පැමිණිලි කළ 29 හැවිරිදි කාන්තාව ද එම වෙබ් අඩවියේ ගිණුමක හිමිකාරිණියක වීම නිසා ඇගේ පැටිකිරිය ගැනත් විමසීමට දෙයක් නැත.

කාරණාව වන්නේ දෙදෙනා එක්ව කැමැත්තෙන් කළ ‘රාජකාරිය‘ට ධනුෂ්ක එක් වූයේ ශ්‍රී ලංකා වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගොස් සිටි අවස්ථාවක වීමය. ඒ වන විට ඔහු ආබාධයකට ලක්ව විවේක ගනිමින් සිටීම නිදහසට කරුණක් ද නොවේ.

නඩුවෙන් නිදහස් වූ පසු මාධ්‍ය ඉදිරියේ….

යළි යළිත්  පෙර වැරදි පුනරුච්ඡාරණය

සැබැවින්ම ධනුෂ්ක ගුණතිලක යනු ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවකු බවට සැකයක් නැත. එහෙත් විනය විරෝධී ලෙස හැසිරෙන්නේ නම් එවැනි ක්‍රීඩකයන්ගෙන් ඇති ඵලක් ද නැත. අනික් අතට ඔහු විනය කඩ කළ අවස්ථා සිදුවීම් කිහිපයක්ම මීට පෙර ද වාර්තා වී තිබේ.

කවුරුත් දන්නා පරිදි ඔහු එංගලන්ත සංචාරයක් අතරතුර එවකට ක්‍රීඩකයන්ට පනවා තිබූ ජෛව බුබුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල සමඟ ලන්ඩන් නුවර වීදි පුරා අයාලයේ යෑමෙන් වසරක ක්‍රිකට් තහනමකට ලක් වූ ක්‍රීඩකයෙකි. එම දඬුවම පසුව ලිහිල් කිරීම වෙනම කතාවකි.

වැඩි දෙනකු නොදන්නා පරිදි දකුණු පළාතේ එක්තරා හෝටලයක පැවැති විවාහ උත්සවයක් අතරතුර බීමත්ව බලහත්කාරයෙන් තරුණියකගේ අතින් ඇදීමේ සිදුවීමක් නිසා ගැටුමකට ද මුල් වූ බවට තොරතුරු වාර්තා වී තිබුණු අතර, කොළඹ එක්තරා ප්‍රසිද්ධ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ශ්‍රී ලාංකික පුද්ගලයකු නෝර්වේජියානු තරුණියක් අපයෝජනයට ලක් කිරීමට උත්සාහ ගැනීමේ සිදුවීමක ද ඔහුගේ නම ගෑවි තිබිණි.

එබැවින් ඔහුගේ පැටිකිරිය ගැන ආයේ අමුතුවෙන් කිවැයුතු ද නැත.

 නඩුවෙන් නිදහස්වීම ජයග්‍රහණයක් ද?

ධනුෂ්ක නඩුවෙන් නිදහස් වීම ඇතැමුන් සිතන්නේ ජයග්‍රහණයක් බවය. එය ජයග්‍රහණයක් යැයි ධනුෂ්ක ද සිතනවා වන්නට ඇත. නිදහස ලැබීමෙන් පසු ඔහු මුහුණු පොතේ සිය ගිණුමෙහි මෙසේ සටහන් තබා ඇත්තේ එබැවින් විය යුතුය.

‘ආරම්භයේදී බොරුව ඉතා ශක්තිමත් විය හැකිය. එහෙත් එය කෙදිනක හෝ බිඳ වැටෙනු ඇත. ජීව විද්‍යාව කියන්නේ එයටය.‘ මේ වැකිය සමඟ ඔහු ජයග්‍රාහී සිනහවකින් මුව සරසාගෙන වාර්තාකරුවන්ගේ කැමරා කාචයට මුහුණ දෙන ආකාරයේ ඡායාරූපයක් ද පළ කර තිබිණි.

නඩුවේ ස්වභාවය සහ ඔහු නිදහස් වීමට හේතුව අප දන්නා පරිදි ජීව විද්‍යාවට ඇති සම්බන්ධයක් නැත. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ ලිංගිකව හැසිරෙමින් සිටියදී උපත් පාලන කොපුව කාන්තාවට හොර රහසේ ඉවත් කිරීමය. එය ඔස්ට්‍රේලියාවේ නීතියට අනුව කාන්තා දූෂණය යටතේ සිර දඬුවම් ලැබිය හැකි වරදකි. ඔහු නිදහස් වූයේ කාන්තාවට එය ඔප්පු කිරීමට ශක්තිමත් සාක්ෂි නොතිබීම නිසාය.

ඇතැම් විට ධනුෂ්ක නීතියේ රැහැණින් බැඳ දමා ගාණක් කඩා ගැනීමේ අදහසක් ද අදාළ කාන්තාව තුළ තිබෙන්නට ඇත. එවැනි සිදුවීම් බොහෝ රටවල සුලබව සිදුවන්නකි. ඔය කියන කාන්තාව ගැන කිසිදු තොරතුරක් හෝ ඡායාරූපයක් මෙතෙක් ප්‍රසිද්ධියට පත් වී නැති වුවද, දෙදෙනා අතර හුවමාරු වූ ගෘංගාරාත්මක කෙටි පණිඩුව තොග පිටින් හෙළි වී තිබිණි. බැලූ බැල්මටම ඇය ලිංගික හැසිරීමට ලොල් වූ කාන්තාවක් බව දෙදෙනා අතර හුවමාරු වූ ගෘංගාරාත්මක කෙටි පණිවුඩවලින් පැහැදිලිය. නඩු විභාගය තමන්ගේ වාසියට තීන්දු වීම ඒ අතින් ධනුෂ්කගේ වාසනාවක් ලෙසත් සැලකිය හැකිය.

ධනුෂ්ක සමග නඩු විභාගයට පැමිණ සුදු ජාතික තරුණිය

ධනුෂ්කගේ නඩු විභාගයේ කැපී පෙනෙන සිදුවීම වන්නේ මේ කිසිවක් හෝ නොව විනිසුරු සාරා හගේට් මහත්මිය ඉදිරියේ නඩුව විභාගයට ගත් දින හතරේදීම තොරතුරු අනාවරණය නොවන සුදු ජාතික තරුණියක් සමඟ අතිනත පටලාගෙන ධනුෂ්ක අධිකරණයට පැමිණීමය. මේ පියකරු කාන්තාව කවුරුන් දැයි විදෙස් මාධ්‍ය දැඩි අවධානය යොමු කර තිබුණත් ඔහු තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ අනිතත පටලාගෙන අධිකරණයට පැමිණීම ද නඩුවට අදාළ කාරණාවක් නොවූ බැවින් ඇය ගැන කිසිදු තොරතුරක් අනාවරණය නොවීය. කෙසේ වෙතත් කවුරුත් අනුමාන කරන්නට වූයේ ඇය ධනුෂ්කගේ නව පෙම්වතිය වන්නට ඇති බවය.

ඊයේ පෙරේදා ධනුෂ්කගේ නඩු විභාගයේ තීන්දුව ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා වෙද්දී බ්‍රිතාන්‍ය ඩේලිමේල් පුවත් සේවය ඇගේ නම සොයා ගැනීමට සමත් වී තිබිණි. එම වාර්තාවට අනුව ඇය ධනුෂ්කගේ නව පෙම්වතිය වන ‘සෙලීන්‘ ය.

අලුත් පෙම්වතිය සෙලීන්…

විනිසුරු සාරා හගේට් තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ඔහු මුළු නඩු විභාගය පුරාම තමා සමඟ සිටි එම තරුණිය සිප වැලඳ ගත් බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. දින හතරක් පුරා පසුගිය සතියේ එක දිගට පැවැති නඩු විභාගයේ තීන්දුව ලබා දීමෙන් පසු අධිකරණ භූමියේදී මාධ්‍යවේදින් ඇමතූ ධනුෂ්ක ඉතා කෙටි ප්‍රකාශයක් සිදු කළේය. ඔහු කියා සිටියේ සත්‍යය කුමක් දැයි විනිසුරුවරියගේ තීන්දුවෙන් ඔප්පු වූ බවය.

දුෂ්කර කාලයේදී තමා සමඟ සිටි සිය පවුලේ සාමාජිකයන්ට, පෙම්වතිය සහ නීතිඥ මුරුගන් තංගරාජ් ඇතුළු සෙසු නීතිඥවරුන්ට මෙන්ම කළමනාකරුට ස්තූතිය පුද කරන බව ඔහු වැඩිදුරටත් කීවේය.

‘පසුගිය මාස 11 කාලය මට දුෂ්කර කාලයක් වුණා. දැන් මගේ ජීවිතය ආපහු සාමාන්‍ය අතට පත්වීම ගැන සතුටු වෙනවා. ලංකාවට ගිහින් ආපහු ක්‍රිකට් පටන් ගන්න කල් මට ඉවසිල්ලක් නෑ‘.

ඉන් කියැවෙන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට පැමිණ කණ්ඩායමට පනවා තිබුණු නීතිරීති කඩමින් විනය විරෝධීව රාත්‍රී කාලයේ හෝටල් කාමරයෙන් පිටව ගොස් කාන්තාවක් සමඟ දුරාචාරයේ හැසිරීම ඔහුට වගේ වගක් නැති බවය.

ඔහුට වැදගත් වූයේ කෙසේ හෝ නඩුවෙන් නිදහස් වීමට පමණි. නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අන්තර් සමාජ තරග බිමට පිවිසීමටත්, පසුව ජාතික කණ්ඩායමට නැවත සේන්දු වීමටත් තමාට පසුබිම නිර්මාණය වන බවක් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ මේ ක්‍රීඩකයා කල් තියාම දැන සිටියේද?

විනිසුරුවරියගේ තීන්දුවේ අවධාරණය

සිය නිවෙසේදී ධනුෂ්ක බලහත්කාරයෙන් ලිංගිකව හැසිරුණු බවට සහ ඔහු ප්‍රචණ්ඩ වූ බවට පැමිණිලිකාරිනිය අධිකරණයේදී ප්‍රකාශ කළ ද විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ලිංගික එක්වීමකදී උපත් පාලන කොපුව ඉවත් කිරීමට කිසිදු ඉඩක් නැති බවය. එකදිගට ලිංගිකව හැසිරීමේදී එසේ කරන්නේ කෙසේ දැයි විනිසුරුවරියගේ අවධානයට යොමු වී තිබිණි.

පැමිණිලිකාරිනිය ඉතා බුද්ධිමත් සහ සන්සුන් ලෙස ප්‍රතිචාර දක්වන සාක්ෂිකාරිනියක බව ප්‍රකාශ කළ විනිසුරුවරිය ඇය හිතාමතා බොරු සාක්ෂි දෙන ආකාරයේ කාන්තාවක් ලෙස නොදකින බවත් අවධාරණය කළාය.

සාරා හගේට්

එහෙත් ඇගේ ඇතැම් සාක්ෂි විත්තිකරුට අවාසි සහගත ලෙස හැඩ ගැස්වීමේ බලවත් ආශාවකින් ඇය පසු වූ බව තමාට පැහැදිලි වූයේ යැයි ද විනිසුරුවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. ඉන් කියැවෙන්නේ වරින් වර කාන්තාව විසින් ලබා දෙන ලද සාක්ෂි පරස්පර විරෝධී බවය.

උපත් පාලන කොපුව ඇඳ අසල වැටී තිබෙනු තමා දුටු බව කාන්තාව ප්‍රකාශ කළ ද ඔහු සිය ලිංගික හැසිරීම නතර කිරීමක් හෝ උපත් පාලන කොපුව බිමට වීසි කිරීමක් හෝ දුටු බවට කිසිදු සාක්ෂියක් ලබා නොදුන් බවත් විනිසුරුවරිය සාරා හගේට් ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම පොලිසිය විසින් කාන්තාවගේ පැමිණිල්ල සම්බන්ධව ක්‍රියා කළ ආකාරය විනිසුරුවරියගේ දැඩි අවධානයට යොමු වී තිබූ අතර, ඇගේ පැමිණිල්ල සම්බන්ධව පොලිසියේ ක්‍රියා කලාපය ගැන තමා සෑහීමකට පත් නොවන බවත් කියමින් පොලිසියට ද දොස් පැවැරීය.

විනිසුරුවරිය සිය තීන්දුව ලබාදීමට සතියක්ම කල් ගත්තේ පසුගිය සතියේ අඛණ්ඩව දින හතරක් පුරා පැමිණිලි පාර්ශ්වයේ හා විත්තිකාර පාර්ශ්වයේ සාක්ෂි හා තර්ක විතර්ක ගැඹුරින් නිරීක්ෂණය කිරීමට වන්නට ඇත. දෙදෙනා පළමුවරට සිඩ්නි නුවර ඔපෙරා බාර් අවන්හලේදී මුණ ගැසී පසුව වෙනත් අවන්හලකින් රාත්‍රී ආහාරයට පීට්සා අනුභව කර ඇගේ නිවෙසට යෑමට බෝට්ටුවක් එනතුරු බලා සිටියදීත් දෙදෙනා අතර හාදු හුවමාරුව තදේටම සිදු වී තිබිණි. තමාට තනිව නිවෙසට යා හැකි බව නොකියා ධනුෂ්ක තම නිවෙසට කැටුව යෑම ගැන ඔහුගේ නීතිඥ මුරුගන් තංගරාජ් විමසූ විට ඇයට කට උත්තර නැති වූවාට සැකයක් නැත. එසේ නොකළ යුතුව තිබූ බව අවසානයේ පැමිණිලිකාරිණිය පිළිගෙන තිබිණි.

ඊළඟට නිවෙසට ගොස් ධනුෂ්ක විසිත්ත කාමරයේ අසුන් ගැනීමට සලස්වා වයින් පානය කිරීමටත්, පසුව ඔහු ඉදිරියේ ගිටාරය වයමින් ගී ගැයීමටත් ඇය පෙලඹුණේ මන්දැයි යන්නත්, ඔහු කැටුව නිදන කාමරයට ගොස් ඉටිපන්දම් දැල්වූයේ මන්දැයි යන්නත් ධනුෂ්කගේ නීතිඥවරයා ප්‍රශ්න කළ විටදිත් ඇය නිරුත්තර වූවාට සැකයක් නැත. නිවෙසට යනතුරුම සහ විසිත්ත කාමරයේදි පවා ධනුෂ්කගේ විවිධ ලිංගික අඩන්තෙට්ටම් සිදු වූ බව කීවත් එසේ තිබියදිත් නිදන කාමරයට කැටුව යෑම නීතිඥ මුරුගන් තංගරාජ් අධීකරණයට පෙන්වා දීමත් තීන්දුවට බලපාන්නට ඇත.

නිදන කාමරයට යෑමෙන් පසු උපත් පාලන කොපුව පලඳින ලෙස තමා ධනුෂ්කගෙන් ඉල්ලා සිටි බවත්, උපත්පාලන කොපු භාවිතයට තමා අකමැති බව ඔහු කියා සිටි බවට පැමිණිලිකාරිණිය අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබූ අතර, තමාට ගැබ් ගැනීමට හෝ ලිංගික රෝගවලට ලක් වීමට අවශ්‍යම නැති බව ඇය ඔහුට පැවසූ මොහොතේ ගැබ් නොගන්නා බවට සහ ලිංගිකව එක්වීමෙන් සම්ප්‍රේෂණය වන රෝග කිසිවක් නොවැලඳෙන බවට සහතික වන බව ඔහු තමාට කීවේ යැයි ද එම කාන්තාව අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

පසුව ධනුෂ්ක නිදි යහනින් නැඟී සිටින මොහොතේ ඔහු භාවිත කළ උපත් පාලන කොපුව යහන අසල බිම වැටී තිබෙනු තමා දුටු බවත්, ඔහු එය නොපැලඳ ලිංගිකව එක්වූ බව අවබෝධ වූ බවත් ඇය සඳහන් කර තිබිණි.

රටට අදාල නැති පිරිමි අඟේ කොන්ඩම් ප්‍රශ්නය

සැබැවින්ම සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරිය සාරා හගේට් සැලකිල්ලට ගත්තේ ධනුෂ්ක ගුණතිලක අදාළ කාන්තාව සමඟ ලිංගික හැසිරීමේදී උපත් පාලන කොපුව ඉවත් කළේ දැයි යන්න ගැන පමණක් ම බැවින් ඔය කියන විනය විරෝධී හැසිරීම යටපත් වූ බවක් ද පෙනේ. මන්ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට පැමිණ රාත්‍රී කාලයේ අනාචාරයේ හැසිරීම විනිසුරුවරියට පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියාවටම අදාළ කාරණාවක් නොවන බැවිනි.

තවත් අතකින් බලද්දී උපත් පාලන කොපුව ඉවත් කිරීමේ කාරණාව ශ්‍රී ලංකාවටත් අදාළ නොවේ. අදාළ වන්නේ රට නියෝජනය කිරීමට ගිය ක්‍රීඩකයකු කණ්ඩායමට පනවා ඇති නීති රෙගුලාසි ද උල්ලංඝනය කරමින් දුරාචාරයේ යෙදීමය. නඩු වැටුණත් නැතත් එම සිදුවීම හෙළිදරව් වූයේ නම් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම මෙරට ක්‍රිකට් බලධාරින්ගේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමකි.

අවසානයේ නඩුවක් ද වැටිණි. ධනුෂ්ක නිදහස් වූයේ දඬුවම් විඳීමේ එළිපත්තටම පැමිණ සිටියදීය. දැන් එළැඹිය යුත්තේ ඔහුට එරෙහිව විනය කඩ කිරීමේ චෝදනාව යටතේ දඬුවම් කිරිමේ අවස්ථාවය.

සිදුවීම අධිකරණය දක්වා දුරදිග ගිය බැවින් අමුතුවෙන් විමර්ශන හෝ පරීක්ෂණ පැවැත්වීමේ හේතුවක් ද නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවේ ඔහු අත්අඩංගුවට ගෙන පැය විසිහතරක් ගතවීමටත් පෙරය. ඔහු සම්බන්ධව දැඩි පියවර ගන්නා බවට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ද එවකට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.

රටක් නියෝජනය කරමින් වෙනත් රටක ක්‍රීඩාවේ නියැළීමට යන ඕනෑම ක්‍රීඩකයකු එක් අතකින් තානාපතිවරයකු බඳුය. ඔහු සිය රාජකාරිය අකුරටම ඉටු කළ යුතුව ඇති අතරම, මව්බිමේ ගෞරවය හා කීර්තිය ආරක්ෂා කිරීමේ වගකීමට ද බැඳී සිටී.

උපත් පාලන කොපුවේ කතාව ශ්‍රී ලංකාවට අදාළ නොවන්නේ එබැවිනි. ක්‍රීඩකයා මව්බිමට කළු පැල්ලමක් එක් කරමින් ඉතා බරපතළ ආකාරයෙන් විනය කඩ කිරීමට එරෙහිව පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි. ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යෑමට අපේක්ෂා කරන මෙරට සියලු ක්‍රීඩකයන්ට ආදර්ශයක් විය යුතු ආකාරයෙන් එම දඬුවම ක්‍රියාත්මක විය යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අදහස වී තිබේ.

එහෙත් දැන් දැන් ධනුෂ්කගේ නිදහස් වීම අරබයා ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ වෙනත් කතාවකි. කෙටියෙන් කියන්නේ නම් නඩුව ජයගැනීමේ සතුටත් සමඟ ධනුෂ්ක ගුණතිලක හෙට අනිද්දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය.

ඊට පෙර ඔහු සිය නඩු ගාස්තු ඉල්ලා අධිකරණයට අයැදුම්පතක් යොමු කිරීමට නියමිත බවත්, සිය නීතිඥවරුන්ගේ ගාස්තු ඉල්ලා ඔක්තෝබර් මස 4 වැනිදා ඔහු නැවත අධිකරණයට පැමිණීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඒ අතරතුරදී වන්නට ඇත. ගුවන්තොටුපොළේදී ඔහුට මල්මාලා දමා පිළිගැනීමට කිසිවකු කටයුතු කරන්නේ නම් ඒ ගැන ද පුදුම වන්නට දෙයක් නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වන අලියෙක් යැයි සිතා වනජීවිය මහියංගන පෙරහටර ගෙන්වූ මහරගම සීතාට වෙඩි තබයි!

Next Post

වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරියෙක් බැරැක්කය තුළ නිදි ඇඳේම මරුට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

Comments 1

  1. upali says:
    වසර 3ක් ago

    ඉතාම හොඳ ලිපියක්

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.