ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරමින් පළාත් සභා සඳහා උපරිම බලතල විමධ්‍යගත කිරීමක් සිදුකර කඩිනම් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට පියවර ගත යුතු බවට ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත මනී පාන්ඩේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඊයේ (12) අවධාරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ ආරම්භ වූ අතර එම සැසිවාරයට එක්වෙමින් ඉන්දීය නිත්‍ය නියෝජිතයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වය අසීමිත ණය බර නිසා නිර්මාණය වී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ හැකියා නගාසිටුවීම වෙනුවෙන් බලතල බෙදාහැරීමක් සිදුවිය යුතු බවත් මෙහිදී අවධාරණය කර ඇත
ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව පිළිබඳ ඉන්දියාව අවධානයෙන් පසුවෙන බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණත්වය, නිදහස හා එක්සත් බව සමගින් ජීවත්වීම තහවුරු කර දීමට එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දේශපාලන විසඳුම් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.