13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ පදනම යටතේ එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ බලය බෙදීමට ඉන්දියාවේ සහය ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද(17) දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා ඇතුළු නියෝජිත පිරිස හමුවේ පවසා තිබේ.
කලින් සැලසුම් කළ ආකාරයට සිදුවූ මෙම හමුව අද දින (17) පැවැත්වුණේ කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නායක මාවයි සේනාධිරාජා මහතා සහ ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු මෙම හමුව සඳහා සහභාගී වූහ.
නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ දේශපාලන අංශ ප්‍රධානී භානු ප්‍රකාශ් මහත්මිය ද මහ කොමසාරිස්වරයා සමඟින් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සහ පශ්චාත් කොවිඩ් සමය තුළ දෙරට අතර සම්බන්ධකතාවය වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
උතුරු නැගෙනහිර පළාත් හි ජනතාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට සාමයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට අවකාශ සලසාලන නිවාස වැනි සමාජ යටිතල පහසුකම් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉන්දියාවේ දිගුකාලීන කැපවීම මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළේය.
සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයන් හි පුනර්ජීවනයට සහ සංවර්ධනයට ඉන්දියාවේ සහය ඔහු අවධාරණය කළේය.
උතුරු නැගෙනහිර පළාත් හි ජනතාවගේ බලය බෙදීමේ සහ සංවර්ධන අභිලාෂයන්හි විවිධ පැතිකඩ සම්බන්ධයෙන් ද මෙහිදී
සාකච්ඡා කරන ලදී.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රමයේ සහ ව්‍යවස්ථාවේ ඉතා වැදගත් කොටසක් වන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව TNA නියෝජිත පිරිස මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.
සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ සංහිඳියාව සඳහා දමිළ ජනතාවගේ අභිලාෂයන් හා සමපාත වන සහ ශ්‍රී ලංකාව ශක්තිමත්
කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ පදනම යටතේ එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ බලය බෙදීමට
ඉන්දියාවේ සහය මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.