දිනසේන රතුගමගේ –
මේ රටේ සියලුම දෙනාට පිළිගත හැකි බලතල වැඩි පෙඩරල් ක්‍රමයකට සමාන දෙමළ ජනයා විසින් සමස්ටි වශයෙන් හදුන්වනු ලබන දේශපාලන ව්‍යුහයකට අදාලව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරණ ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා සිටි බව එම පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා 30 දා පැවසීය.
මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා එම ලිපියට පක්ෂයේ මහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාද අත්සන් තැබූ බව කියා සිටියේය.
1987 වසරේදී මේ රටේ ජනවාර්ගික අර්බූදය විසදිම සදහා ඉන්දියාව කළ යෝජනාවන්ට අනුව 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ නමුත් එහි සදහන් පනත් හා නීති රීති වර්තමානයේදී උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා ගැනීම සදහා ප්‍රමණවත් නොවන බව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා කියා සිටියේය.
මේ නිසා රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පැන නැගී ඇති බවත් එම නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ බලපෑම අනිවාර්යෙන්ම සිදු විය යුතු බවත් තම පක්ෂය ඉන්දීය විදේශ අමාත්‍යවරයාට සිය ලිපිය මගින් අවධාරණය කොට සිටි බවද සදහන් කළේය.
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුලුහුඩුකම් දෙමළ් ජාතික ජනතා පෙරමුණ දුටුවේ අදක ඊයේක නොවන බව කී මන්ත්‍රීවරයා එහි මූලික කෙටුම්පත දුටු විගසම එම ලියවිල්ල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරණ ලෙස තම පක්ෂය ද ඉන්දීය රජයට දැණුම් දුන් අතීතයක් ඇති නමුත් දෙමළ ජනයාගේ අවාසනාවකට ඒ පිළිබදව එදා ඉන්දියාව ඇහුම්කන් නොදුන් බවද ප්‍රකාශ කළේය.
ඒ අනුව බලන විට 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ දේශපාලන පක්ෂ හා පුද්ගලයින් විරුද්ධ වූයේ මීට වසර 34 කට ඉහතදී බවත් වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ පවතින සමාජ හා දේශපාලනික පරිසරය එම කාලයට වඩා හාත්පසින්ම වෙනස් නිසා වර්තමානයට ගැලපෙන අන්දමේ බලසම්පන්න ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සදහන් කොට ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
දෙමළ දේශපාලන පක්ෂ හා ජනතාව විරුද්ධ වෙද්දී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ ප්‍රතිපලයක් ලෙස පැමිණි පළාත් සභා ක්‍රමය ඔස්සේ පැවති පළාත් සභාඅ මැතිවරණයෙන් එක් දෙමළ දේශපාලන පක්ෂයක් පමණක් බහුතර බලයක් ලබා ගෙන පාලන බලය හිමි කර ගන්නා ලද නමුත් ඔවුන්ට ගත වූ ධූර කාලය අවසන් වන තුරුත් දෙමළ ජනයාගේ යහපත උදෙසා කිසිවක් ඉටු කිරීමට නොහැකි වූ නිසා පළාත් සභා ක්‍රමය දෙමළ ජාතික ප්‍රශ්නය විසදීමට සුදුසු දේශපාලන ව්‍යුහයක් නොවන බව මනාව ඔප්පු වී ඇති බවද තම පක්ෂය විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ සදහන් කළ බව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.