සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවට අමාත්‍යංශ 15ක් තිබුණාම හොඳටම ඇති ! වෙරිටේ රිසර්ච් කියයි!

by Lanka Sara Editor
මැයි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට අමාත්‍යංශ 15ක් පමණක් පැවතීම හොදටම ප්‍රමාණවත් බව ඉකුත් ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. පදනම් සහගත සහ තර්කානුකූල ආණ්ඩුකරණ ව්‍යුහයක් ගොඩනැගීමට මගපෙන්වීමේ අරමුණින්, එම ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙන ධවල පත්‍රිකාවක් අනුව ඔවුහු මේ බව ප්‍රකාශ කරති.

‘ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සැකැස්මට තර්කානුකූල ක්‍රමවේදයක්’ මැයෙන් 2020 වසරේ දී, වෙරිටේ රිසර්ච් ප්‍රකාශයට පත්කර තිබෙන ධවල පත්‍රිකාවෙන් පහත සඳහන් පරිදි අමාත්‍යාංශ 15ක් ඇති කළ යුතු බව නිර්දේශ කර ඇත. ඒ හරහා, අකාර්යක්ෂමතාවය අවම කරගනිමින්, ආණ්ඩුකරණ ව්‍යුහයේ තර්කානුකූලභාවය උපරිමයෙන් තහවුරු කිරීමේ හැකියාව පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

එම අමාත්‍යංශ 15 වන්නේ

1.මුල්‍ය සහ සැළසුම්

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2.අධිකරණ

3.ආරක්ෂක

4.අධ්‍යාපන සහ පර්යේෂණ

5.සෞඛ්‍ය

6.කෘෂිකර්මය

7.කම්කරු

8.මහජන සේවා

9.වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා

10.ආර්ථික කටයුතු

11.ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන

12.විදේශ කටයුතු

13.පවුල් සහ ප්‍රජා සංවර්ධන

14.සමාජ සහ සංස්කෘතික

15.පරිසර

 

මුළු අමාත්‍යාංශ ගණන 15ක් ප්‍රමාණවත් බවට වන නිර්දේශය වෙරිටේ රිසර්ච් ඉදිරිපත් කරන්නේ කාර්යක්ෂම සහ ඵලදායී ආණ්ඩුකරණ ව්‍යුහයක් ගොඩනැගීම සඳහා වන හොඳම මූලධර්මයන් අදාළ කරගනිමින් ය.

කැබිනට් අමාත්‍යධූර පිහිටුවීම සඳහා වර්තමානයේ අනුගමනය කෙරෙන පිළිවෙත, ආණ්ඩුවේ කාර්යක්ෂමභාවයට සහ ඵලදායීතාවයට අනිසි ලෙස බලපාන බව වෙරිටේ රිසර්ච් සිදුකර තිබෙන විශ්ලේෂණයෙන් අනාවරණය වී  ඇත. ආණ්ඩුකරණ ව්‍යුහයේ අතාර්කිකභාවයට හේතුවන ප්‍රධාන ගැටලු දෙකක් වේ.

  1. බෙදා වෙන් කර තිබීම– එක් අමාත්‍යාංශයක් යටතේ පැවතිය යුතු විෂයන් විවිධ අමාත්‍යාංශ අතර බෙදා තිබීම
  2. නොගැලපීම් – එකිනෙකට නොගැලපෙන විෂයන් එක් අමාත්‍යාංශයක් යටතට ගෙනවිත් තිබීම

මෙම ගැටලු දෙක හමුවේ, තීරණ ගැනීම සහ එම තීරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම, ආණ්ඩුවේ වගවීම සහ සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමට පැවති හැකියාව පහත වැටීම සහ සමස්තයක් ලෙස ආණ්ඩුවේ කටයුතුවලට වැඩි මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවීම වැනි තත්ත්වයන්ට අතීතයේ දී, අපට මුහුණදීමට සිදුවිය. එහිලා වෙරිටේ රිසර්ච් ධවල පත්‍රිකාවෙන් නිර්දේශ කරන්නේ, රටට වඩාත් සුදුසු සහ ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද අමාත්‍යාංශ ගණනක් පමණක් නොව එම එක් එක් අමාත්‍යාංශයට නියමාකාරයෙන් විෂයන්, බලතල සහ ක්‍රියාකාරීත්වයන් හා ආයතනයන් අනුයුක්ත කිරීම ද, සිදුවිය යුතු බවය. ආණ්ඩුවේ කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායීව සිදුවීමට නම් මෙම සුදුසුකම් සැපිරීම වැදගත් වේ.

මෙම ගැටලුව විසඳීමටත් වෙරිටේ රිසර්ච් නිර්දේශ ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත ආණ්ඩුකරණයේ සියලුම ක්‍රියාකාරීත්වයන් සහ කටයුතු, පවත්නා නීති, සහ ආයතන යන ත්‍රිත්ව අංශයන් අනුසාරයෙන් සිදුකර තිබෙන විශ්ලේෂණයකින්, එම එක එකක් ඉහත සඳහන් කර ඇති අමාත්‍යාංශ 15 යටතට පත්කළ හැකි ආකාරයත් ‘ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සැකැස්මට තර්කානුකූල ක්‍රමවේදයක්’ මැයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන ධවල පත්‍රිකාවේ දැක්වේ. මෙම සැකැස්ම ගැසට් පත්‍රයක් හරහා ප්‍රකාශයට පත් කිරීමෙන්, එම ක්‍රියාකාරීත්වයන්, නීති සහ ආයතනයන් අමාත්‍යාංශ 15ක් යටතට ගෙනවිත්, රටට ඔබින, කාර්යක්ෂම මෙන්ම ඵලදායී අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවා ගැනීමට හැකියාව පවතින බවද වෙරිටේ ආයතනය තවදුරටත් ප්‍රකාශ කරයි. .

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මගේ මව ඉදිරිපිට පොලිස් කොස්තාපල් කෙනෙක් මට ලිංගික අතවරයක් කළා…” ආබාධිත තරුණියකගෙන් කොස්ගොඩ පොලිසීයට පැමිණිල්ලක්…

Next Post

චම්පික රණවකගෙ අලුත් පක්ෂය සඳුදා එළි දකී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.