කේරළයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ වෙරළ ආසන්නයේ ඊයේ 7 සවස ඩබල් ඩෙකර් බෝට්ටුවක් පෙරලී ගිලී යෑමෙන් ළමුන් හත් දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගොස් තිබේ.
මෙම සිද්ධිය වී ඇත්තේ රාත්‍රී 7 ට පමණ දිස්ත්‍රික්කයේ ටනූර් ප්‍රදේශයේ ටුවාල්තිරම් වෙරළ ආසන්නයේ ය.
බෝට්ටුවේ සිටි මගීන්ගේ නිශ්චිත සංඛ්‍යාව තවමත් නොදන්නා නමුත් 40 දෙනෙකු ප්‍රවේශ පත්‍ර සමඟ සිට ඇති අතර තවත් බොහෝ දෙනෙකුට ප්‍රවේශ පත්‍ර නොමැතිව හිඳ සිටි බව වාර්තා වේ.
බෝට්ටුවේ ආරක්ෂක සහතිකයක් ද නොතිබූ බව වාර්තා වේ.
සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බෝට්ටුවේ හිමිකරුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසයි.
ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF) සහ ඉන්දීය වෙරළාරක්ෂක භටයෝ ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටිති. තවමත් අතුරුදන් වූවන් සෙවීමට දිය යට කැමරා භාවිත කරමින් සිටිති.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිසිය සඳහන් කරයි