ශ්‍රියානි විජේසිංහ –
එළඹෙන උත්සව සමය තුළ වංචනික ලෙස ආහාර අලෙවි කරන වෙළෙඳුන් සොයා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ආහාර නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය රසාකාරක අනුමත ඒවාද යන්න පිලිබඳවත් ආහාරවල ලේබල්වල වංචනික ලෙස වෙනස් කර තිබෙන්නේද , සතුන්ගෙන් ආහාරවල හානි සිදුව තිබෙන්නේද යන්න පිබඳවද මෙහිදී දැඩිලෙස සොයා බලන බව සංගමයේ ලේකම් එස්.අයි.බෝපිටිය සඳහන් කරයි.
ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදි හොඳින් පරික්ෂා කර බලන්නැයි ද මහජනතාවගෙන් සංගමය විශේෂ ඉල්ලීමක් ද කරයි .
භාණ්ඩවල මිල ගණන් ඉතා ඉහළ බැවින් ද ව්‍යාජ භාණ්ඩ වෙළඳපලට පැමිණීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ආහාර ද ද්‍රව්‍ය මිලදී ගැනීමේදි හොදින් පරික්ෂා කර බලන්නැයි මහජනතාවගෙන් සංගමය විශේෂ ඉල්ලීමක් ද කරයි
සැකකටයුතු භාණ්ඩ පිලිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ව දැනුවත් කරන්නැයිද ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.