සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු එක හමාරක දියණියට කුරිරු වද දුන් පියා අත් අඩංගුවට… දියණිය පොලිස් භාරයට…

by editor
මාර්තු 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල්  ජයරත්න  –

විදේශ ගතව සිටින අනියම් බිරිඳගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවුරුදු එක හමාරක් වයසැති දියණියකට කෲර වධහිංසා ලබාදුන් තිස් හැවිරිදි තිදරු පියෙකු   පොලිසියට ලද තොරතුරක් අනුව අද (10) අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි,

සැකකරු නිත්‍යානුකූල විවාහයක් කරගෙන ඇති අතර ඔහු බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ තම නිවසට අවුරුදු එක හමාරක දියණිය ගෙන්වා කෲර වධහිංසා ලබාදෙමින්, පහරදෙන අයුරු වීඩියෝ කර අනියම් බිරිඳට යවා මුදල් ගෙන්වා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ඩබ්ලිව්. උපුල් බොලුකඳුර   අප කළ විමසීමකදී සඳහන් කළේය.

දියණියට කෲර ලෙස වධ හිංසා කරන වීඩියෝ, පියා විසින් විදේශගත සිටින අනියම් බිරිඳට යොමු කර ඇති අතර එම වීඩියෝ වට්ස්ඇප් මාර්ගයෙන් වේයන්ගොඩ සිටින මවට යොමු කර ඒ පිළිබඳ වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කරන ලෙසට මව විසින් දැන්වීමෙන් අනතුරුව දියණියගේ ආච්චි විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවද බකමූණ පොලිසිය සඳහන් කරයි,

අත්අඩංගුවට ගත් සැකකරු දහවෙනිදා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බකමූණ පොලිසිය සඳහන් කරයි.

අනියම් බිරිඳ මීට මාසතුනකට ඉහතදි කුවේට් රටේ ගෘහ සේවයට ගොස් ඇති අතර, අවුරුදු  එක හමාරක දියණිය,වේයන්ගොඩ පිහිටි ඇගේ මව ලග තබා විදේශ ගතව ඇති බවත්, මීට දින කිහිපයකට පෙරදී එම මව ළඟ සිටි අවුරුදු එකහමාරේ දියණිය පියාගේ බකමූණ අතරගල්ලෑව පිහිටි නිවසට ගෙන්වා ඇන්ටනා බට වලින් පහරදී වධ, හිංසා වලට ලක්කර ඇති බව පරීක්ෂණ පවත්වන බකමූණ පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සැකකාර පියා සමඟ දියණිය පොලිස් බාරයට ගෙන පොලිසිය විසින් දියණියට අවශ්‍ය ආහාරපාන සහ අනිකුත් සියලු අවශ්‍යතා ලබාදීමට කටයුතු කර ඇති අතර අධිකරණ නියෝග අනුව, දියණියගේ අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන බවද පොලිසිය කියයි.

බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලුකදුර,  ගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී. එස්. එම්. සෙනෙවිරත්න, කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, කාන්තා උප පොලිස් පරීක්ෂක කලා වික්‍රමසිංහ, පොලිස් සැරයන් 50910 චන්දන යන පොලිස් නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැසිකිලි කොමොඩ් එකක් සොරා ගත්තාට වසර තුනක සිර දඬුවමක්!

Next Post

රජයේ වෛද්‍යවරු ලබන 15 දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් නිවේදනය කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.