මනම්පිටිය නිමල් ජයරත්න –
නොකඩවා පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය මේ වන විට වාන් දැමීමට පටන් ගෙන තිබේ.
ජල මට්ටම උපරිම ධාරිතාව අක්කර අඩි 116,000 දක්වා ඉහළ යෑමෙන් පසුව ජලාශය වාන් දොරටු දහයම අඩි එක බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තත්පරයට ඝන අඩි 1400 ක ජල කදක් පිටතට ගලා යන බව පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු රන්ජන් අබේසිංහ සඳහන් කළේය . පිටාර ගලා යන ජලය අඹන්ගග ඔස්සේ මහවැලි ගඟට එක්වන බවද ඔහු කීවේය.