දිනසේන රතුගමගේ
සුනාමී ව්‍යවසනයෙන් මියගිය පිරිස සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීමේ වාර්ෂික පූජාව මෙවරත් වවුනියාවේ පූන්තෝට්ටම් සුනාමී ස්මාරකය අබියස පිහිටි හින්දු කෝවිලේදී සංවිධානය කොට තිබුණි.
18 වෙනි වාර්ෂික සිහිපත් කිරීමේ වස්ථාවට පූන්තෝට්ටම් පොලිස් ස්ථානාධිපතිවරයාද ප්‍රාදේශීය දේශපාලනඥයෝද එක්සත් වෙළද සංගමයේ නිලධාරීන්ද සුනාමී ව්‍යවසනයෙන් මියගිය පිරිස් වල සාමාජිකයෝද සහභාගී වී සිටියහ.
වවුනියාවට අමතරව මුලතිව් කිළිනොච්චි යාපනය හා මන්නාරම යන දිස්තික්ක වලද කෝවිල් කිතුණු දේවස්ථාන අසල පහන් දල්වා මියගිය පිරිසට පින් අනුමෝදන් කරවීමේ උළෙලවල් සංවිධානය කොට තිබුණි.







