මාතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ ෆේස්බුක් ඔස්සේ මිතුරු වී ඇයට විදේශීය රටක සිට වටිනා ඩොලර් පාර්සලයක් ලැබී තිබෙන බව පවසා රුපියල් 129000ක වංචා කරන ලද වයස අවුරුදු 23 ක ලෙසතෝ ජාතිකයෙකු නුගේගොඩ ප්‍රදේශයේ දී ඊයේ දින පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ මෙම සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිට ඇති බවට අනාවරණය වී ඇත.
නොදන්නා පුද්ගලයන් සමඟ සමාජ ජාල මගින් ගනුදෙනු කිරීමේ දී විවිධ ආකර්ෂණීය යෝජනා ලැබිය හැකි බවත් ඒ පිළිබඳ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් රැවටිලිකරුවන්ට හසු නොවන ලෙසත් පොලිස් මූලස්ථානය ජනතාවට දන්වා සිටී.
මෙවැනි පුද්ගලයන් පිළිබඳව කිසිවෙකු සතුව තොරතුරු ඇත්නම් වහාම 119 හදිසි ඇමතුම් අංකයට හෝ ළඟම පොලිස් ස්ථානයට දැනුම් දිය හැකි බවද පොලිස් මූලස්ථානය දන්වා සිටී.
එමෙන්ම මෙවැනි පුද්ගලයන්ට ආධාර අනුබල දෙන පුද්ගලයකු ගැන හෝ තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ද පොලිසියට දන්වන ලෙස ද පොලිස් මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.