කීර්ති ප්‍රනාන්දු –
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව කෝවිඩ්19 සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.
මේ වන විට රට තුළින් කොරෝනා රෝගීන් වාර්තා වීමේ සංඛ්‍යාව පහළ යාම නිසා මෙම පියවර ගෙන ඇති බවද ඔහු පවසයි.
දිනපතා කොරෝනා රෝගීන් වාර්තා වීම සැලකිල්ලට ගනිමින් සෙසු ප්‍රතිකාර මධ්‍යස්ථාන ද ක්‍රමානුකූලව ඉවත් කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් 34007ක් පැවැති බවත් එයින් ඇඳන් 19660ක් මේ වන විට හිස් වී ඇති බවත් පවසන වෛද්‍ය අන්වර් දැඩි සත්කාර ඒකක ඇඳන් වලින් සියයට හතළිහක් පමණ හිස්ව පවතින බවද කියයි.
රට පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍යය නීති ලිහිල් කළ ද මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් දිගටම අනුගමනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.