බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆේල් වුන දසුන් සමග ගාල්ල හැලෙයි…  වනිඳු අවසන් මහා තරගයට නුවර කැන්දාගෙන එයි…

by editor
අගෝස්තු 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගාල්ල පරාදය. හොඳටම පරාදය. කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහර දුන් බී ලව් කැන්ඩි කණ්ඩායම  ලකුණු 157ක් ලබා ගත්තේය. ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය ගාලු කණ්ඩායමට ඕවර 20 අවසානයේ ලබා ගත හැකිවූයේ ලකුණු 123ක් පමණි. නුවර කණ්ඩායම ලකුණු 34කින් දිනුම්ය. දැන් ඔවුන් හෙට (20)  පැවැත්වෙන අවසන් මහා තරගයට ප්‍රවේශ වී සිටින්නේය. 

අද (20) සවස 7ට විදුලි ආලෝකය මධ්‍යයේ  ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගනයේ දී  බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවතුනේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන  තරගයකි.  මේ තරගයේ ජයග්‍රහණය සහ තරගයේ තියුණු බව රැඳී තිබුණේ පලපුරුදු වෘත්තීය ක්‍රීඩකයන්ගේ තරග ප්‍රවේශය මතය.

එහෙත් ගාලු කණ්ඩායමේ නායක  දසුන් ශානක මේ වැදගත් තරගයේ දීත් ෆේල් වුනේය. ඔහු තරගාවලිය පුරාම දක්ෂතා අතරට පැමිණියේ නැත. එහෙන්ම ඔහුගේ පන්දු යවන්නන් හැසිරවීම ජාත්‍යාන්ත ක්‍රීඩා විචාරකයන්ගේත් බලාපොරොත්තු සුන් කළේය.

එමෙන්ම නායකයෙක් ලෙස දසුන්ගෙන් ස්වකීය වගකීම ගිලිහුණු ස්වරූපයක් පෙනුනි. මෙවැනි අවස්ථාවක කණ්ඩායම ගොනු කරගත යුත්තේ අත්දැකීම් සපිරි ක්‍රීඩකයෙක් ලෙස තමන්ගේ වටාය. එහෙත් ඒ අවශ්‍යම අවස්ථාවේ  දසුන් ළදරුවෙක් සේ හසරංගට ගොදුරු විය. දුක හිතෙන්නේ  ඔහු ශ්‍රි ලංකා විස්සයි20 සහ එක්දින නායකයා බවත් කණ්ඩායමේ සිටින ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා බවත්  සිහිවන විටය. කණ්ඩායම බිඳ වැටී ඇති අවස්ථාවේ ඔහු ගේ දුර්වල පිතිකරණය ගාලු කණ්ඩායම තවත් ප්‍රපාතයකට තල්ලු කළේය. දසුන් ලබා ගත්තේ ලකුණු හතරකි.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ මුළු ජයග්‍රහී ජවයම  ගොනු වී තිබුණේ නායක වනිඳු හසරංග වටාය. වනිඳු මේ තරගාවලිය අමරණීය කළේය. පසුගිය තරගයේ දී යාපනයට කණ්ඩායමට එරෙහිව ලකුණු 09කට කඩුළු 06ක් බිඳ දැමූ වනිඳු මෙම තරගයේ දි පන්දු 30ක දි ලකුණු 48ක් ලැබුවේය. ඊට හතරේ පහර 03ක් සහ හයේ පහර 04ක් ඇතුළත් විය. එමෙන්ම ඔහු පන්දු යැවීමේ දි පන්දු ඕවර 04 තුළ ලකුණු 21කට කඩුලු 02ක් ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිතිකරණයේ දි  දිනේෂ් චන්දිමාල් පන්දු 37ක දී ලකුණු 38ක් ද ඈන්ජලෝ මැතිව්ස් පන්දු 17කදී ලකුණු 24ක් ද ලැබුවේය. චතුරංග සිල්වා නොදැවී පන්දු 06ක දි ලැබූ ලකුණු 15 කැන්ඩි කණ්ඩායමට විශාල ශක්තියක් විය.

පන්දු ඕවර 20 අවසානයේ දි ලකුනු 157ක් ලබා ගත් බී ලව් කැන්ඩි කණ්ඩායම ලකුණු 158ක ඉලක්කයක් ගෝල් ග්ලැඩියේටර්ස් වෙත ලබා දුන්නේය.

පන්දු යැවීමේ දී ගාලු කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර කඩුලු 02ක්, සොනාල් දිනූෂ කඩුළු 02ක්, කසුන් රාජිත සහ ශකීබ් අල් හසන් එක් කඩුල්ල බැගින් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 123කට දැවී ගියේය. වැඩිම ලකුනු ලාභියා වූයේ සොනාල් දිනූෂය. සොනාල් ලකුණු 28ක් ලැබුවේය. එක් හයේ පහරක් පමණක් එල්ල කළේය. ලින්ටන් දාස් ලකුණු 25ක්, ශකීබ් අල් හසන් ලකුණු 17ක් ලැබුවේය.   අනෙක් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු 15 සීමාව පසු කළේ නැත.

නුවර කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, මොහොමඩ් හස්නයින් කඩුලු 02 බැගින් ද,  මුජිබ් උර් රහුමාන්,  සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් ලැබුවේය.

තරගයේ වීරයා වනිඳුය. දැනටමත් මේ තරගාවලියේ වීරයා ඔහුය.

හෙට සවස බී ලව් කැන්ඩි කණ්ඩායම දඹුල්ල අවුරා සමග එල්පීඑල් – 2023 අවසන් මහා තරගයට තරග වදිනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් ලෝක ආහාර සංවිධානයෙන් දුන් වියලි ආහාර ද්‍රව්‍යවලින් විශාල ප්‍රමාණයක් විනාශයි…

Next Post

අධිකරණයට තර්ජනය කරමින් ජනපති මේ යන්නේ බිහිසුණු ගමනක්…ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.