ගෟහ උපකරණ භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන ෆීනික්ස් සමාගම සිය නවතම නිෂ්පාදන පෙළ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පසුගියදා එළිදැක්වීය. දැකුම්කලුභාවය සහ උපයෝගිතාව පිළිබඳ ඉහළ අවධානයක් යොමු කර ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇති මෙම නිෂ්පාදන විවිධ වර්ණවලින් සහ මෝස්තරවලින් දැන් පාරිභෝගික ජනතාවට ලබා ගත හැකිය. මෙම නව නිෂ්පාදන අතර FLO මොඩියුලර් ගබඩා පද්ධතිය කැපී පෙනෙන අතර එය “ඕනෑම කාලයකට ගැළපෙන, ඕනෑම වැඩකට ගැළපෙන” තේමාවට අනුව සකසා ඇත. පාරිභෝගිකයන්ට මෙම ගබඩා පද්ධතිය තමන් කැමති ප්‍රමාණයට, පේලි ගණනට, වර්ණවලට, දොරවල් ගණනට සකස් කර ගත හැකිය. තම පෞද්ගලික රුචිකත්වට සහ නිවසට හා කාර්යාලයට ගැළපෙන පරිදි මෙම ගබඩා පද්ධති සකසා ගැනීමට ඇති හැකියාව සුවිශේෂ වේ.
Flap Folding Chair පහසු භාවිතය සඳහා සාදා ඇති නැවීමට, දිග හැරීමට සහ ගබඩා කිරීමට පහසු පුටුවකි. එස සකසා ඇති ආකාරය නිසා දිගු වේලාවක් විවේකීව වාඩි වී සිටීමට හැකිය. UP-Sit Stool යනු ඇඳ අසල තැබිය හැකි පැති මේසයක් හෝ ළමුන් සඳහා පුටුවක් ලෙස භාවිතා කළ හැකි විවිධ කාර්යවලට භාවිත කළ හැකි නිෂ්පාදනයකි. FLEX සපත්තු රඳවනය යනු කුඩා කොටස්වලට වෙන් කළ හැකි, නැමිය හැකි, හුරුබුහුටි සපත්තු රඳවනයක් වන අතර එය ඔබගේ නිවසේ ඉඩකඩ වඩාත් හොඳින් භාවිතා කිරීමට ඉඩ සළසයි. තවත් නව නිෂ්පාදනයක් වන GRO මල් පෝච්චිය විවිධ වර්ණවලින් සහ ප්‍රමාණවලින් මිල දී ගත හැකි අතර ඕනෑම කාමරයක හෝ වත්තක මල් පැල හෝ වෙනත් පැලෑටි වැවීමට ඉතා සුදුසුය. Button Laundry Basket රෙදි සෝදන කාමරයට නව පෙනුමක් දෙන බොත්තමක් මෙන් පෙනෙන පියනක් සහිත සෝදන රෙදි දමන කූඩයකි. මෙම සියලුම නිෂ්පාදන දැන් වැලිසර සහ පානදුර ෆීනික්ස් ප්‍රදර්ශනාගාරවලින් සහ www.shop.phoenix.lk වෙබ් අඩවියෙන් මිලට ගත හැකිය.