ඇමෙරිකාවේ නිෂ්පාදිත ” ෆයිසර් ” එන්නත් මාත්‍රා ලක්ෂයක් පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.
මෙම එන්නත් තොගය ලංකාවෙන් මිලදී ගන්නා ලද එන්නත්ය.
කිලෝ ග්රැම් 550 ක් බර ඇසුරුම් තුළ මෙම එන්නත් තොගය අසුරා තිබේ .
කටාර් රාජ්‍යයේ දෝහා සිට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.