ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 80ක් ජූලි මස වනවිට කල් ඉකුත්වීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.
අමාත්‍යවරයා කියන්නේ මෙම එන්නත් මාත්‍රා ප්‍රමාණය ප්‍රධාන වශයෙන්ම බූස්ටර් එන්නත් ලෙස භාවිත කිරීම වෙනුවෙන් බව වෙන් කර තිබුණු බවය.
මේ වනවිට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ සම්බන්ධව පැහැදිලිකිරීමක් කළ සෞඛ්‍ය ඇමති කහෙළිය රඹුක්වැල්ල මින් පසු පූර්ණ එන්නත්කරණය ලෙස නිර්වචනය කරන්නේ එන්නත් මාත්‍රා තුනම ගැනීම බව කියයි.
“ඒ වෙනුවෙන් ඇප් එකක් සහ කිව් ආර් කෝඩ් එකක් හදන්න අමාත්‍යාංශයේ තාක්ෂණික අංශටය පවරලා තියනවා. ඒ කටයුතු නිමා වූ වහාම අදාල ගැසට් එක නිකුත් කරලා කරනවා.“
සෞඛ්‍ය ඇමතිවරයා කීවේය. ඊයේ වනවිට ජනගහණයෙන් 49, 25,961 බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන තිබිණි.