මේ වනවිටත් දැඩි ඖෂධ හිඟයකින් පෙළෙන රිජ්වේ ආර්යා ළමා රොහලට ඉන්දීය ආධාර ලෙස ලැබෙන ඖෂධත් නොලැබී යන්නේ නම් සැප්තැම්බර් ඔක්තෝම්බර් කාලය තුළ අතිශය සංකීර්ණ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති සඳහන් කරයි.
ඔහු පවසන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාරත් අඩුවෙමින් ඇති පසුබිමක රිජ්වේ ආර්යා ළමා රෝහල මුහුණ දීමට නියමිතව ඇත්තේ ඉතිහාසයේ කවර කළෙකවත් මුහුණ නුදුන් ඛේදවාචකයකට බවය.
ළමා රෝහල තුළ ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 20ට වැඩියෙන් හිඟවීම හේතුවෙන් සැත්කම් හා ප්‍රතිකාර කටයුතු වලට දැනටමත් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා පවසයි.
දිගුකාලීන රෝගයන් වන වකුගඩු රෝග, දියවැඩියාව, ස්නායු රෝග ඇතුළු රෝග ගණනාවකට අවශ්‍ය ඖෂධ මේ වනවිටත් හිඟව පවතින බව වෛද්‍ය සේනාපති කියයි.
තවද සැලසුම් කළ සැත්කම් හා ඇතැම් ප්රතිකාරයන්ද ඉදිරියේ දී සීමා කිරිමට හෝ නතර කිරිමට සිදුවනු ඇති බවට අනුමාන කළ හැකි ඔහු පෙන්වා දෙයි.