ජාතික ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කල්මුණේ ප්‍රදේශයේ පවත්වාගෙන යන ළමා නිවාසයක් තුළ අධිකරණ නියෝග මත රඳවා සිටි 17 හැවිරිදි දරුවෙකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධව එම ළමා නිවාස පාළිකාව වූ 28 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම මිනී මැරුම සිදුවී ඇත්තේ කල්මුනේ ඉස්ලාම්බාත් ළමා ආරක්ෂක නිවස්න ය තුළය. ඝාතනය වි ඇත්තේ ඒ.පී දර්ශාන් නැමැති 17 හැවිරිදි පිරිමි ළමයෙකි. මඩකලපුව කොකුවිල්වල පදිංචි මෙම දරුවා සොරකමක් සම්බන්ධව සැකපිට පොලිස් අත් අඩංගුවට පත් වී ඇත්තේ නොවැම්බර් 16 වැනිදා ය. අනතුරුව සැක පිට අත් අඩංගුවට ගත් මෙම දරුවාව අධිකරණ නියෝගයක් මත නොවැම්බර් 17 වැනිදා ජාතික ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නියාමනය වන මෙම ළමා නිවාසය වෙත යොමු කර තිබිණි.
පසුගිය 29 වැනිදා මෙම දරුවා සිය නිදි ඇඳේම මිය ගොස් සිටිය දි හමුවි තිබේ. සිද්ධිය සම්බන්ධව කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබුණේ දරුණු පහරදීමකින් පසු සිදුවූ අභ්‍යන්තර ඉන්ද්රිය හානියක් නිසා දරුවා මරණයට පත් වි ඇති බවය.
මේ වනවිට ළමා නිවාසයේ පාලිකාව වූ ප්රනිස් ජිලේන්ද්රන් නැමැති 28 හැවිරිදි කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පරීක්ෂණ පවත්වයි.