ලලිත් චාමින්ද –
ගාල්ල දිස්ත්‍රික්කයේ ළමුන් 200ට අඩු බොහෝ පාසල්වල විදුහලපතිවරු, ගුරුවරු අද (21) පැමිණි නොසිටි අතර ළමුන් ගේ පැමිණිම ද ඉතා පහළ මට්ටමක පැවතුණි
අක්මිමන කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් සේනපාල සමරසේකර කණිෂ්ඨ විද්‍යාලයේ හා පින්නදුව ජයන්ති විද්‍යාලය සඳහා ඉගෙනුම ලබන කිසිදු පාසල් දරුවෙකු අද (21) දින පාසලට නොපැමිණි අතර අභ්‍යාසලාභි උපාධිධාරි හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ පිරිසක් පාසලට පැමිණි සිටියහ.
මේ අතර අංකොක්කාවල ශ්‍රි සුමංගල මහා විද්‍යාලයේ හා පනාගමුව කණිෂ්ට විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දැරියන් සිව් දෙනෙකු පාසල වෙත පැමිණ සිටියහ.
අභ්‍යාසලාභි උපාධිධාරින් හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් මෙම පාසල් සඳහා පැමිණ සිටි අතර..