මාතර – සම්පත්
මාතර සංචාරක පුරයක් වූ පොල්හේන ප්‍රදේශයේ ලැගුම්හලක කාමරයක් කුලී පදනමට ගත් කාන්තාවක් සහ තරුණයන් දෙදෙනෙකු දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී කඹුරුගමු කෙටවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
කඹුරුගමුව කොටවිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. හෙට්ටිආරච්චිට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම කර ඇත.
මෙම කාන්තාව සහ තරුණයන් දෙදෙනා එකම කාමරයකට වී දොර අඩ වශයෙන් වසාගෙන මෙම මත්ද්‍රව්‍ය පානය කරන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචි 25 තරුණයෙක්, පොල්හේන ප්‍රදේශයේ පදිංචි 23 තරුණයෙක් හා මාතර උනැල්ල ප්‍රදේශයේ පදිංචි 35 කාන්තාවකි.
ඇය එක් දරු මවක් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ. සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
මේ අතර වැලිගම නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ රෙදිපිළි අලෙවිසැලක රෙදිපිළි විකුණන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් විකුණූ බවට සැකපිට එම ව්‍යාපාරිකයා ද කොටවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිගම කුබල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ සැකකරු කලක සිට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම අද 29 පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇත