නීති විරෝධී ලෙස එකලස් කරන ලද ලොරි රථයක් පාවිච්චි කිරීම සම්බන්ධව වූ සිද්ධියකට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ලොරි රථය අනීතික ලෙස එකලස්කර භාවිතා කිරීම සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි විජිත් විජයමුණි සොයිසාගෙන් එම ඒකකය පැය 05කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
අනතුරුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.







