ශ්‍රියානි විජේසිංහ
- සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශගත වූ වෛද්‍යවරුන්ගේ නාමලේඛණයක් ලබා දී ඔවුන් අසාධුලේඛනගත කරන ලෙස ඉල්ලීම් කළත් වෛද්‍ය සභාව එය සලකා නෑ… මෙම වෛද්‍යවරුන් අසාධුලේඛනගත කළොත් විදෙස් රටවල සේවය කරන්න බෑ…. සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි….
සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා හොර රහසේම විදේශගත වු වෛද්‍යවරුන්ගේ නාමයන් අසාදුලේඛණ ගත කර ඇති බැවින් ඔවුන්ට වෛද්‍ය සභාව ලබා දී තිබෙන ලියාපදිංචි අහෝසි කරන මෙන් ඉල්ලීම් කළද එවැන්නක් මෙතෙක් සිදුකර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
හොර රහසේ විදේශගත වූ වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අහෝසි කරන්නේ නම් විදේශගතව සිටින වෛද්‍යවරුට නැවත මෙරටට පැමිණීමට සිදුවනු ඇති බවද ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
එසේම සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා විදේශ ගතවන වෛද්‍යවරුන්ගෙන් රුපියල් මිලියන 15ක පමණ දඩමුදලක් අය කර ගත යුතු වුවද අමාත්‍යංශය එම මුදල අය කර ගැනීමට මෙතෙක් ක්‍රියාකර නොමැති බවත් ඒ වෙනුවට ඇප මුදල වන රුපියල් මිලියන 2ක පමණක් මුදලක් පමණක් අය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.
වෛද්‍යවරයෙක් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය තුළ විශේෂඥ වෛද්‍යවරයෙක් වීම සඳහා රජය වැය කරන මහජන මුදල රුපියල් මිලියන 15ක පමණ වෙන බවත් වෛද්‍යවරයා විදේශීය පුහුණුව සඳහා යන විට ඔහු වෙනුවෙන් ගිවිසුමකට අත්සන් තබන ඇපකරුවන් ඔහු නැවත මෙරටට නොපැමිණියහොත් එම ඇප මුදල් වන රුපියල් මිලියන 2ක මුදල ලබා දිීමට ගිවිසුම්ගතව බැදී සීටින බවත් ඔහු පැවසුවේය.