හොරණ මොරගහහේන මාලෝස්ඇල මංසන්ධිය අසල දී අද පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඩුබායිහි සැඟව සිටින ජයකොඩිගේ තනුජ සම්පත් හෙවත් හෝමාගම හඳයා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල අපරාධකරුගේ කොන්ත්‍රාත්තුවක් මත යැයි පොලිසිය සැක කරයි.
මෙසේ ඝාතනය කර තිබුණේ රත්නපුර මාරපන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසලක් කොල්ලකෑමේ නඩුවක ඇප කොන්දේසියකට අනුව රත්නපුර පොලිසිය හමුවේ පෙනී සිට යළි පැමිණෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකි.
ඝාතනය වූ පුද්ගලයින් පන්නිපිටිය හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි නයනානන්ද පෙරේරා සහ පිලියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වසන්ත පෙරේරා නැමැති පුද්ගලයින් දෙදෙනෙක් බව හඳුනාගෙන තිබේ.
ත්‍රි රෝද රථක පැමිණි ඔවුන් දෙදෙනා හඹා පැමිණි මෝටර් රථයක පිරිසක් මිලි මීටර 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.
ඝාතනය වූ පුද්ගලයින් ඉලක්ක කරගෙන වෙඩි උණ්ඩ 13ක් පමණ එල්ල වී තිබුණු බව පොලිසිය කියයි.
පොලිසිය පැවසුවේ වෙඩි තැබීමෙන් පසු අදාල මෝටර් රථය පාදුක්ක දෙසට ධාවනය කර ඇති බවය.
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද පුද්ගලයින් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබිණි.
පොලිසිය සිද්ධිය පිළිබඳ පරික්ෂණ පවත්වයි.
.