සුමිත් පොතුපිටිය –
පාතාල සාමාජිකයෙක් සමග සම්බන්ධතා පැවැත්වීම හෙළිදරව් වන හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග පාතාල සම්බන්ධතා පිළිබඳ චෝදනා ලද අගලවත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තරිඳු හෙට්ටිආරච්චිගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා පත්කර තිබේ.
පින්වත්ත ස්ථානාධිපති, කළුතර අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය ස්ථානාධිපති මෙන්ම කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කරන ලද ධම්මික ද සිල්වා කළුතර දිස්ත්‍රික්කයේ අපරාධ විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් නමක් දරා ඇති දක්ෂ නිලධාරියෙකි.
2003 වර්ෂයේ පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති ධම්මික ද සිල්වා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.