ඉතා හොඳන් සංරක්ෂණය වී ඇති ඩයිනෝසෝර කළලයක් චීනයෙන් සොයා ගත් බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. බිත්තරය බිඳ එළියට ඒමට ආසන්නව සිටි මෙම කළල සොයාගෙන තිබුණේ දකුණු චීනයේ ගැන්ෂු ප්‍රදේශයෙනි.
විශේෂත්වය වන්නේ මෙම ඩයිනෝසර බිත්තරය ලැබී ඇත්තේ 2000 වර්ෂයේ දී වීමය. 20 කාලයක් ගබඩාකොට තබා තිබූ මෙම බිත්තරය කෙරෙහි පර්යේෂකයන්ගේ අවධානය නැවතත් යොමුවුණේ කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භවීම නිසා එහි තිබූ පැරණි ෆොසිල නැවතත් වර්ග කිරීමේ දී ය. මේ බිත්තරය තුළ කළලයක් ඇතැ යි පර්යේෂකයින්ට සැකයක් මතුවී ඇත්තේ එවිටය
එහිදී සිදුකරන ලද පර්යේෂණ වලින් මෙම පොසිල බවට පත්වූ කළලය සොයා හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.
පර්යේෂකයන් පවසන ආකාරයට මෙම කළලය අවම වශයෙන් වසර මිලියන 66ක්වත් පැරණිය. . එය දත් රහිත තෙරොපොඩ් ඩයිනොසෝරයෙකුගේ හෝ ඕවිරැප්ටොරෝසෝරසයෙකුගේ කළලයක්යැ යි විශ්වාස කෙරේ. එය නම් කර ඇත්තේ ‘බේබි යින්ලියැන්’ ලෙස ය.
පර්යේෂක ආචාර්ය ෆියෝන් වයිසම් මා පවසන්නේ මෙය, “ඉතිහාසයේ මෙතෙක් හමුවූ හොඳම ඩයිනෝසෝර කළලය” බව යි.
පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පාෂාණීය ධාතු විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් බෲසැට් ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබුණේ, මෙය එතෙක් ඔහු විසින් දැක ඇති “අතිවිශිෂ්ටම ඩයිනෝසෝර පොසිලවලින් එකක්” බව යි. එමෙන්ම, මෙම කළලය බිහිවීමට ඉතා ආසන්නයේ පසුවූවක් බවත් ඔහු පවසා තිබුණි.
ළදරු යින්ලියැන්ගේ හිසේ සිට වලිගය දක්වා දිග අඟල් සෙන්ටිමීටර 27ක් පමණ වේ. එය චීනයේ යින්ලියැන් පාෂාණ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ඇති සෙන්ටිමීටර 17ක් පමණ දිගු බිත්තරයක් තුළ රැඳී සිටියි.
ඩයිනොසෝරයාගේ සිරුරේ කොටසක් තවමත් පාෂාණවලින් වැසී ඇති අතර, එහි සම්පූර්ණ ඇටසැකිල්ලේ රූපයක් ප්‍රතිනිර්මාණය කිරීමට පර්යේෂකයන් අධිතාක්ෂණික ස්කෑන් කිරීම් සිදුකරනු ඇත.
බීබීසී